ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි පාම් බීච් කවුන්ටිය (Greenacres) ආසන්නයේ Learjet 60 (N722BD) වර්ගයේ පෞද්ගලික ගුවන් යානයක් කඩාවැටීමෙන් එහි ගමන් ගත් සියලුම දෙනා (9 දෙනෙකු) ජීවිතක්ෂයට පත්ව තිබේ.
ටෙක්සාස් හි ඔස්ටින් නුවර සිට බහාමාස් බලා පියාසර කරමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇත.
ගුවන් නියමුවා විසින් යානයට හිම මිදීමේ තත්ත්වයන් (Icing) සහ අධික කැළඹිලි ඇති බව පාලක මැදිරියට දැනුම් දී ඇති අතර, ඉන් සුළු මොහොතකට පසු අඩි 35,000 ක උසක සිට අතිශය අධික වේගයකින් සෘජුවම පොළොව දෙසට කඩාවැටී ඇත.
ජනාකීර්ණ නිවාස සංකීර්ණයක් ආසන්නයේ මාර්ගයකට කඩාවැටුණු යානය ක්ෂණිකව පිපිරී විශාල ගිනි ජාලාවක් බවට පත්වූ අතර, ප්‍රදේශයේ විදුලි රැහැන් රැසකට ද හානි වී තිබේ.
NTSB සහ FAA බලධාරීන් අනතුරට හේතුව සෙවීම සඳහා පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.