සතුරු රොකට් සහ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කරන මොකක්ද මේ
Iron Dome
පද්ධතිය.
ඊශ්‍රායල පලස්තීන අර්බුදය උග්‍ර වී ගැටුම් ඇති වී ඇත. ගාසා තීරය දෙසින් පැමිණෙන රොකට් ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දිය හැකි ආරක්ෂක පද්ධතියක් ඊශ්‍රායලය සතුව ඇත. Iron Dome බැටරිය ලෙසින් හදුන්වන ඒ ආරක්ෂක පද්ධතිය පිළිබඳව යි මේ...
Iron Dome මුලින් කීවාක් මෙන් ඊශ්‍රායලය සතුව ඇති මිසයිල් ආරක්ෂණ පද්ධතිය යි. මෙය නිෂ්පාදනය කිරීම සහ වැඩි දියුණු කිරීම සිදුකර ඇත්තේ ඊශ්‍රායලයේදීම යි. ඇමරිකා එක්සත් ජනපදයත් මේ ව්‍යාපෘතිය සඳහා මුදලින් ආධාර කරනවා. ජංගම පද්ධතියක් වන මෙමගින් කෙටි සහ මධ්‍යම දුර මිසයිල, රොකට් මෙන්ම, මෝටාර් ප්‍රහාර ද ඊශ්‍රායල බිමට පතිත වන්නවට පළමුව උඩු ගුවනේදීම විනාශ කෙරෙනවා. Iron Dome බැටරි කිහිපයක් ඊශ්‍රායලය සතු යි.
2007 වසරේ ලෙබනන යුධ සමයේ දී හිස්බුල්ලා ගරිල්ලන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කරමින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පසුව සිය ජනතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආරක්ෂණ පද්ධතියක් තිබීමේ අවශ්‍යතාව ඊශ්‍රායලයට තදින්ම දැනුණා. ලෙබනන් යුධයේ දී හිස්බුල්ලා සංවිධානය රොකට් 4000ක් පමණ ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශය දෙසට එල්ල කළ අතර ඉන් සිවිල් වැසියන් 44 දෙනෙකු මිය ගියා.
පසුව හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ සිට එල්ල කරන රොකට් ප්‍රහාරවලින්ද ඊශ්‍රායලය සිය ආරක්ෂාව සලසා ගත යුතුව තිබුණා. Rafael Advanced Defense Systems සහ Israel Aircraft Industries යන ආයතන දෙක එකතුව Iron Dome නිෂ්පාදනය කරන්නේ ඉන් අනතුරුව යි. Iron Dome ප්‍රථම වරට භාවිතා කරනු ලැබුවේ 2011 වසරේ දී ගාසා තීරය දෙසින් එල්ල වූ රොකට්ටුවක් විනාශ කර දැමීමට යි.
වර්තමානයේ මෙය ලෝකයේ වඩාත්ම ඵලදායි මිසයිල ආරක්ෂණ පද්ධතීන්ගෙන් එකක් ලෙස සැලකෙනවා.
Iron Dome ආරක්ෂණ පද්ධතියට අමතරව මිසයිලවලින් ආරක්ෂාව සලසා ගැනීම පිණිස ඊශ්‍රායලය සතුව David’s Sling (මධ්‍යම දුර මිසයිල ඉලක්ක ) සහ Arrow Intercepter (දිගු දුර මිසයිල ඉලක්ක) යනුවෙන් තවත් පද්ධතීන් දෙකක් තිබෙනවා. මේවා වෙනුවෙනුත් ඔවුන්ට ඇමරිකාවේ සහය නොඅඩුව ලැබෙනවා.
ක්‍රියාත්මක වන ආකාරය
Iron Dome හි ප්‍රධාන අංග තුනක් තිබෙනවා. එනම්,
1)ඊශ්‍රායලය දෙසට එල්ලවන රොකට් හා මිසයිල හඳුනාගැනීමට ඇති රේඩාර් පද්ධතිය.
2)පද්ධතිය මගින් එල්ල කරන රොකට් ප්‍රහාර පාලනය කරන මෘදුකාංග පද්ධතිය.
3)රොකට් විදිනය
මෙහි වඩාත්ම සංකීර්ණ දේ වනුයේ මෘදුකාංග ආධාරයෙන් තමන් දෙසට එල්ලවන රොකට්ටු පතිතවන්නේ කුමන ප්‍රදේශයකට ද යන්න නිගමනය කිරීමට මෙම පද්ධතියට ඇති හැකියාව යි. මේ නිසා ජන ශූන්‍ය ප්‍රදේශවලට පතිත වන රොකට් මගහැර ජනාවාස ප්‍රදේශ මත පතිත වීමේ අවදානමක් ඇති රොකට් සහ මිසයිල් විනාශ කිරීමේ හැකියාව ඊශ්‍රායල යුධ හමුදාව සතු යි.
එසේ හඳුනාගත් සතුරු රොකට්ටු වෙතට Iron Dome විසින් තවත් රොකට්ටුවක් මුදා හැර සතුරු රොකට්ටු උඩු ගුවනේදීම සුනුවිසුණු කොට දමනවා.
වියදම් සහ කාර්යක්ෂමතාව
Iron Dome විසින් එල්ල කරන එක් රොකට්ටුවක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 95,000ක් පමණ වැය වන බව පැවසෙනවා. මේ අධික වියදම නිසා ඊශ්‍රායලය Iron Dome භාවිතා කරන්නේ ජනාවාස ප්‍රදේශවලට පතිත විය හැකි සතුරු රොකට්ටු සඳහා පමණ යි.
2012 වසරේදී හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති වූ ගැටුම් අතරතුර දී හමාස් සංවිධානය විසින් එල්ල කරනු ලැබූ රොකට්වලින් 85%ක් පමණ Iron Dome මගින් විනාශ කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබුණා. මෙම සංඛ්‍යා ලේඛන පිළිබඳ ඇතැමුන් සැක මතුකළත් ජාත්‍යන්තර ටයිම් සඟරාවේ ආරක්ෂක විශේෂඥ මාක් තොම්සන් පවසා සිටින්නේ සතුරු ප්‍රහාරවලින් ඊශ්‍රායල ජනයාට සිදු වන හානි ඉතා අවම මට්ටමක පැවතීමට මෙම මිසයිල ආරක්ෂණ පද්ධතියද එක් හේතුවක් බවයි.
හරි දැන් බලමු මේකද හොදම ගුවන් ආරක්ෂක පද්ධතිය මේකද කියලා.පිස්සුද මේක නෙමේ
.
10.IRON DOME
9.MR-SAM

8.MEADS

7.ASTER 30

6.HQ-9
5.PATRIOT
4.THAAD
3.S300
2.DAVID’S SLING

1.S400
ඊලගට එක වෙන්න ඉන්නේ S500
.
හරි අපි දැන් බලමු ඊශ්‍රායල් පලස්තීන ගැටුම ගැන.මුස්ලිම්වරුන් තෙවෙනියට වැඩිම භක්තියකින් අදහන පූජා ස්ථානය තමා ජෙරුසෙලම.ට්‍ර්ම්ප්ගේ කාලේ ඇමරිකානු තානාපති කාර්යාලයක් මෙහි ඉදිකලා.එහිදී මුස්ලිම් වරුන්ගේන් දැඩි විරෝධයක් ඇති වුණා.දැන් පවතින්නේ එහි නවතම තත්වයයි.ජෙරුසලමේ වන්දනාමාන කරමින් සිටි මුස්ලිම් භක්තිකයන්ට ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් පහරදී එළවා තිබෙනවා.පසුව ඔවුන්ට එම ස්ථානයට ළඟාවීමට නොහැකි ලෙස දැඩි සීමා පනවා තිබෙනවා.මෙම කාලයේ අනිවාර්යෙන්ම මුස්ලිම්වරුන්ට අවශ්‍ය වෙනවා පූජනීය ස්ථාන වන්දනාමාන කරන්න.මේ නිසා තමා දැඩි ගැටුම් ඇති වෙලා තියෙන්නේ.මුස්ලිම් වරුන්ට සිදුවන හිරිහැර නිසා හමාස් සංවිධානය මේ සදහා මැදිහත් වනවා.ඊශාලය පවසා සිටියේ පලස්තීනය නිහඩ කරන තුරු තමන් සටන නොනවත්වන බවයි.මේ අතර තුර්කි ජනපති හා රුසියානු ජනපති අතර දුරකතන සංවාදයක් පැවත තිබෙනවා.එහිදී තුර්කි ජනපති පවසා සිටියේ ඊශ්‍රායලයට අමතක නොවන පාඩමක් උගන්වන බවයි.බොහෝ විට යුදමය මැදිහත් වීමක් තුර්කිය විසින් සිදුකරනු ලබයි.නැවත මුස්ලිම් රටවල් හා ඊශ්‍රායලය අතර යුද්ධයකට මග පෑදෙමින් තිබේ.