Starlink Mini එකට 9200 පැකේජ් එක දාන්න බැරිද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,461
    12,980
    113
    38
    Starlink Mini එකට 9200 පැකේජ් එක දාන්න බැරිද ?

    ෆේස් බුක් ගෘප් වල කියනවා දැක්කා අර 50GB රු 15000 පැකේජ් එක විතරයි කියලා දාන්න පුළුවන්
     
    • Like
    Reactions: SomiBoyz

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,635
    12,726
    113
    බෑ ..ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල්කන් ඒ සමාගමෙන් දිලා තියෙනවා......නිවසට නම්.....ඒ ඒ පැකේජ.....නිතර නිතර ගමනේ යනවා..නම් ඒ ඒ පැකේජ

    ඔය පැකේජ මාරු කරලා ප්ලග් කලොත් ..අස්වාබාවික දෙයක් සිද්ද වෙයි
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    731
    787
    93
    Starlink Mini එකට 9200 පැකේජ් එක දාන්න බැරිද ?

    ෆේස් බුක් ගෘප් වල කියනවා දැක්කා අර 50GB රු 15000 පැකේජ් එක විතරයි කියලා දාන්න පුළුවන්
    mini 1 oyt set weyd dan na. kokatath hoyl blnn tkk
     
    • Like
    Reactions: SomiBoyz

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,379
    5,227
    113
    Abyss
    එකෙක් ගෘප් එක්ක දලා තිබ්බා ඌට සිංගර් එකෙන් බෑ කිව්වා කියලා එක නිසා ඇහුවේ
    Youtube එකේ සිංහල videos වල කියනව පුලුවන් කියල
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,870
    7,380
    113
    36
    එකෙක් ගෘප් එක්ක දලා තිබ්බා ඌට සිංගර් එකෙන් බෑ කිව්වා කියලා එක නිසා ඇහුවේ
    mama gattet Singer eken
    damme 9200 eka

    dan masa 5k wage
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,397
    1
    103,222
    113
    34
    Kalutara
    මගේ අවුරුද්දක Starlink user Experience එකෙන් අලුතෙන් ගන්න අයට අදහසක් ගන්න මේ post එක දාන්නේ
    😎

    පහුගිය කාලෙම Group එකේ දාපු බහුතරයක් post වලට වෙන වෙනම උත්තර දෙන්න try කරා ඒවයි තිබ්බ ප්‍රශ්න තමයි මේ..
    • Package ගැන විස්තර
    මුලින්ම කියන්න ඕන starlink කියන්නේ pre paid connection එකක් ඒක නිසා active කරනව නම් පළවෙනි බිල එදාම ගෙවන්න වෙනවා
    ඊළඟ ලොකුම ප්‍රශ්නේ MINI එකට 9200 residential lite unlimited පැකේජ් එක දාන්න පුලුවන් ද කියන එකනේ, ඔව් දාන්න පුලුවන් හැබැයි fixed location විතරයි use කරන්න පුලුවන්
    ඔයාට ඕන නම් වෙන තැනකට ගිහින් පාවිච්චි කරන්න පුලුවන් ඒකට app එකෙන් location change කරන්න ඕන අළුත් location එකේ active වෙන්න 10 - 20min වගේ යනවා මේක සතියකට පාරක් වගේ උපරිම දෙපාරකට වඩා කරන එක නම් recommend කරන්නෑ මොකද ඒවට තමා roam package දීලා තියෙන්නේ starlink එකෙන් 50GB - 15,000 ක් වගේ වෙනවා
    Standard එකට Residential lite 9200 unlimited වගේම Residential 15,000 unlimited පැකේජ් එක දාන්න පුලුවන් 15,000 එකේ speed එක වගේම Priority එක වැඩී අනිත් එකට සාපේක්ෂව standard එකත් එහේ මෙහේ ගෙනියනවනම් අර වගේම තමයි තත්වේ.
    • speed
    Residential Lite එක සාමාන්‍යන් 100 - 450Mbps අතර Download එකක් 15 - 45Mbps අතර upload එකක් යනවා peak time එකට Down සාමාන්‍යන් 100 - 250 අතර තමා යන්නේ
    Residential එකේ 400+ යනවා Upload නම් අර ගණං ම තමයි
    • Standard එකක්ද Mini එකක්ද ඔයාට ගැලපෙන්නේ
    ගෙදරක පාවිච්චියට හොඳටම ගැළපෙන්නේ Standard එක තමයි හැබැයි mini එකෙත් කිසිම ගැටලුවක් නෑ
    Standard එක හැබැයි mini එකට වඩා ටිකක් stable වැස්සකට එහෙමත් mini එකට වඩා වෙලාවක් connection එක අල්ලන් ඉන්නවා ඒකට obstruction එහෙමත් බලපානවා
    Mini එකේ router එක එන්නේ in built විදියට එතකොට වහලේ හෝ එළියේ තිබ්බම ඇතුලට wifi coverage එක අඩු වෙන්න පුලුවන්
    මේකට විසදුම් දෙක තුනක්ම තියෙනවා එකක් wifi split කරන්න පුලුවන් 2.4Ghz & 5Ghz වලට මේකෙන් 2.4 එක ටිකක් speed අඩු උනත් වැඩි දුරකට වැඩ කරනවා
    ඒ වගේම pc,laptop වගේ ඒවට Cat6 cable එකක් වෙනම අරන් use කරන්න පුලුවන් එහෙමත් නැත්නම් Mesh එකකට හෝ Extender එකකට යන්න ඕන Tplink , Starlink Router 3 ,Starlink Router Mini වගේ එකකටත් යන්නත් පුලුවන්
    එහෙමත් නැත්නම් low budget විදියට පරන unlock කරපු Dialog/SLT වගේ router එකක් use කරන්න පුලුවන් 5Ghz support කරනවා නම් ශේප් එකේ පාවිච්චි කරන්න පුළුවන්.
    • අනවශ්‍ය මාස වලදි cancel කරන්න පුලුවන් ද
    ඔව් starlink pre paid නිසා ඊළඟ bil period එක පටන් ගන්න කලින් website එක හරහා cancel කරලා අවශ්‍ය වෙලාවට බිල ගෙවලා ආයේ active කරන්න පුලුවන්
    • කරන්ට් බිල
    සාමාන්‍යන් standard එකක් 24h දාලා තිබ්බොත් මාසෙකට unit 30 - 35 වගේ යන්න පුලුවන් mini එක ඊට අඩුයි ~20 ගානක් වගේ පාවිච්චි නොකරන වෙලාවට sleep schedule එක දාලා මේක ටිකක් අඩු කර ගන්න පුලුවන්
    • Obstruction
    මුල් කාලේ starlink වගේ V4 එක සැටලයිට් යන යන පැත්තට හැරවෙන්නෑ ඒ කියන්නේ ඒක North එකට මූණ දාලා fixed කරන්නේ ගස් තියෙනන් හෝ වෙන බාදා තියෙනම් ඒක connection quality එකට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්
    Obstruction තිබ්බත් speed එක පෙන්නනවා ප්‍රශ්නයක් නැතුව හැබයි Drop වෙනවා ඒකෙන් Video Conference වගේ ඒවට ලොකුවට බලපාන්න පුලුවන්
    ඒ වගේම obstruction වැඩී නම් වැස්සට ටග්ගාලා offline යන්න පුලුවන් obstruction නැත්නම් තද වැස්සකට උනත් mini එකට වඩා standard එක අල්ලන් ඉන්නවා තදම වැස්සක් නම් speed එක 50ට වගේ අඩු වෙන්න හෝ තප්පර කීපයකට offline යන්න පුලුවන්
    • Fiber ද Starlink ද
    ඔයාට හදිස්සියට ගොඩක් ලොකු size වල upload කරන්න වෙනව නම් Stream කරනවා නම් ping එක ගොඩක් වැදගත් game වලට නම් තවමත් හොඳ fiber තමයි.
    Starlink වලින් ලොකු file upload කරන්න පුලුවන් පැය ගණං ගියත් කලබලයක් නැත්නම් ඒ වගේම අඩු frame rate එකකින් HD steam කරන්නත් පුලුවන් obstruction නැත්නන් ශේප් එකේ.
    • අකුණු වදිනවද /කොහොමද mount කරන්නේ
    Starlink එකටම කියලා විශේෂයෙන් අකුණු වදින්නෑ හැබයි ඕනම දේකට අකුණු වදින්න පුලුවන් ඒක නිසා හොදටම අකුණු ගහන වෙලාවක unplug කරලා තියන එක හොදයි.
    Starlink එක තනියම සවිකරගන්න පුලුවන් ගොඩක් වෙලාවට ලොකු දෙයක් නෑ අවශ්‍ය නම් site එකෙන්ම Original mount ගන්න පුලුවන් නැත්නම් Daraz,Temu,Ali express වගේ ඒවයින් ගන්නත් පුලුවන් නැත්නම් මම වගේ පාස්සලා හදාගන්නත් පුලුවන් එහෙමත් නැත්නම් ඕවා ගෙදරට ඇවිත් හයි කරලා දෙන අය ඉන්නවා එයාලා ලග mount තියෙනවා බොහෝ විට එහෙමත් නැත්නම් නිකන් තියලා පාවිච්චි කරන්නත් පුලුවන්
    😂

    • මොකක්ද මේ referral කතාව
    ඉස්සර singer එකෙන් ගත්තත් derect site එකෙන් ගත්තත් වෙන කෙනෙක්ගේ referral link එකෙන් ගියොත් 2nd month එකට free credit හම්බුනා හැබැයි දැන් කතාවෙ වෙනස්..
    දැන් දෙන්නේ දෙන්නටම රු.15,000ක් ඒක හම්බෙන්නේ Direct starlink එකෙන් link එකක් හරගා ගියොත් විතරයි Singer වගේ Resellers ලගෙන් ගද්දි හම්බෙන්නෑ අනික දැන් credit එන්නේ 60 days වලින්.singer එකෙන් වැරදීලා හරි ආවොත් කියලා ඕන නම් try කරල බලන්න
    😁

    • Starling Customer care
    ආයේ අහන්න දෙයක් නෑ සුපිරී
    ❤️

    මම Dialog outdoor router එකක් extender එකක් විදියට පාවිච්චි කරන්න ගිහින් මගේ standard එකේ router එකේ poor wifi signal කියලා error එකක් ආවා ඒකෙන් speed එකට ප්‍රශ්නයක් වුණේ නෑ හැබැයි support ticket එකක් දැම්ම ගම්න් මට අළුත් router එකක් නොමිලේ ගෙදරටම එව්වා.ඒ වගේම මාසයක් free credit හම්බුනා ඒකට.
    • මොනවද තියෙන restrictions
    කිසිම site එකකට යන්න restriction එකක් නෑ හැබයි copyright contest බාද්දි නම් ප්‍රශ්නයක් වෙනවා ඒවට එක එක ක්‍රම තියෙනවා වැඩිය හිතන්න ඕන ප්‍රශ්න නෙමේ අනික Telegram එකෙන් download කරාට නම් කිසිම ප්‍රශ්නයක් නෑ..
    • second hand එකක් ගන්නවන්ම් මොකද කරන්න ඕන
    එහෙම second Hand එකක් ගන්නවනම් අනිවාරෙන්ම තමන්ට ownership එක ගන්නම ඕන නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා එහෙම වෙලා device එක ban වෙච්ච අය ඉන්නවා එහෙම ගන්නවනම් ඔක්කොටම කලින් ownership transfer කර ගන්න තමන්ට
    Ownership transfer කරන්න නම් starlink එක active කරලා දින 90පැනලා තියෙන්න ඕන හෝ මිලදී අරන් දින 120පැනලා තියෙන්න ඕන
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,461
    12,980
    113
    38
    starklink gaththa passe pissu natanna nam hoda na hari da
    පිටරට ඒවා එහෙම අවුල් එන්න විදියක් නැහැ බන් අපි සර්වර් එහෙම ගන්නවා නේ ඉතින් ඉතින් දන්නවා පිටරට ඒවගේ Service එක කොහොමද කියල අත්දැකීමෙන්.
    Youtube එකේ සිංහල videos වල කියනව පුලුවන් කියල
    හරි බන්
    mama gattet Singer eken
    damme 9200 eka

    dan masa 5k wage
    හරි
    පුළුවන් මචන්. එහෙම අවුලක් නෑ
    එල
    එහෙම අවුලක් නෑ . ඕන පැකේජ් එකක් ඇක්ටිව් කරන්න පුළුවන්

    View attachment 272297
    හරි

    @Ldy මචන් එතකොට අපි කොහේ හරි යනකොට මේක ගලවලා ගේ ඇතුලෙන් තියන්න ඕනේ ද ? මේක හොරකන් කරගෙන යන්න පුලුවන් ද වටේ එවුන් ට එහෙම අරන් ගිහින් වැඩක් තියෙනවා ද ? සාමන්‍ය Dialog ODU එක්ක නම් Indoor එක නැතුව වැඩ නැහැනේ ඒ වගේ මේකේ එහෙම ගේ ඇතුලේ තියෙන කොටසක් තියෙනවද ?
     
    Last edited:
    • Like
    Reactions: SomiBoyz

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,900
    113
    Galaha
    මිනි එකේ සිග්නල් හරි මදි කියනව. උඹ ඕක අරන් ආයම මේකේ වැලලෙයි සිග්නල් නෑ කියලා. ඉලේන් මස්ක්ට කිරියෙ එකවුන්ට් එකක් හදාගන්න වෙයි උඹේ නූල් වලට රිප්ලයි කරන්න. අනික ඔය යුනිට් වලට සිග්නල් අදින්න කරන්ට් එක ටිකක් යනව unit 30ක්වත් තව කරන්ට් බිලත් වැඩිවෙයි.
     
    • Haha
    Reactions: sinhawanshaya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,432
    6,278
    113
    ගත්තොත් ආය උබට internet ප්‍රශ්න ගැන කියල thread දාන්නනම් බැරි වෙනව
    ස්ටාර්ලින්ක් ගන්න සල්ලි ගන්න ATM එකේ ඉන්නකොට එකවුන්ට් එකේ සල්ලි නෑ කියල එකෙක් හිනා උනා මට සල්ලි තියනව හුත්තෝ මම ස්ටාර්ලින්ක් ගන්න යන්නෙ කිව්වම ඌ මගෙ කනට ගැහුව.

    ස්ටාර්ලින්ක් එකට අහස පැහැදිලි වෙන්නෙ ගෙදර ආව ගහේ අතු කපනකොට ගෙවල් අයිතිකාරය ඇවිත් මට කෑගැහුව

    කොල්ලනේ ස්ටාර්ලින්ක් ගත්ත කියල ගෙදර අයිති කාරය කුලිය වැඩි කලා.

    හයර් එකක් යනකොට ගෙදර ස්ටාර්ලින්ක් තියනව කියල ත්‍රීවීල් එකේ එකා හයර් එක වැඩියෙන් ඉල්ලුව.

    කොල්ලනේ වහිනකොට ස්ටාර්ලින්ක් වැඩ නැද්ද?

    කොහෙහරි යනකොට ඕක ගලවල ගේ ඇතුලෙන් තියන්න ඕනෙද?

    ස්ටාර්ලින්ක් ගත්ත නිසා එලකිරි එකේ උන මගෙ බිස්නස් කඩන්න හදනව.

    ස්ටාර්ලින්ක් නිසා මම එලකිරියෙන යන්න තීරනය කලා!!