මගේ අවුරුද්දක Starlink user Experience එකෙන් අලුතෙන් ගන්න අයට අදහසක් ගන්න මේ post එක දාන්නේ
පහුගිය කාලෙම Group එකේ දාපු බහුතරයක් post වලට වෙන වෙනම උත්තර දෙන්න try කරා ඒවයි තිබ්බ ප්‍රශ්න තමයි මේ..
• Package ගැන විස්තර
මුලින්ම කියන්න ඕන starlink කියන්නේ pre paid connection එකක් ඒක නිසා active කරනව නම් පළවෙනි බිල එදාම ගෙවන්න වෙනවා
ඊළඟ ලොකුම ප්‍රශ්නේ MINI එකට 9200 residential lite unlimited පැකේජ් එක දාන්න පුලුවන් ද කියන එකනේ, ඔව් දාන්න පුලුවන් හැබැයි fixed location විතරයි use කරන්න පුලුවන්
ඔයාට ඕන නම් වෙන තැනකට ගිහින් පාවිච්චි කරන්න පුලුවන් ඒකට app එකෙන් location change කරන්න ඕන අළුත් location එකේ active වෙන්න 10 - 20min වගේ යනවා මේක සතියකට පාරක් වගේ උපරිම දෙපාරකට වඩා කරන එක නම් recommend කරන්නෑ මොකද ඒවට තමා roam package දීලා තියෙන්නේ starlink එකෙන් 50GB - 15,000 ක් වගේ වෙනවා
Standard එකට Residential lite 9200 unlimited වගේම Residential 15,000 unlimited පැකේජ් එක දාන්න පුලුවන් 15,000 එකේ speed එක වගේම Priority එක වැඩී අනිත් එකට සාපේක්ෂව standard එකත් එහේ මෙහේ ගෙනියනවනම් අර වගේම තමයි තත්වේ.
• speed
Residential Lite එක සාමාන්‍යන් 100 - 450Mbps අතර Download එකක් 15 - 45Mbps අතර upload එකක් යනවා peak time එකට Down සාමාන්‍යන් 100 - 250 අතර තමා යන්නේ
Residential එකේ 400+ යනවා Upload නම් අර ගණං ම තමයි
• Standard එකක්ද Mini එකක්ද ඔයාට ගැලපෙන්නේ
ගෙදරක පාවිච්චියට හොඳටම ගැළපෙන්නේ Standard එක තමයි හැබැයි mini එකෙත් කිසිම ගැටලුවක් නෑ
Standard එක හැබැයි mini එකට වඩා ටිකක් stable වැස්සකට එහෙමත් mini එකට වඩා වෙලාවක් connection එක අල්ලන් ඉන්නවා ඒකට obstruction එහෙමත් බලපානවා
Mini එකේ router එක එන්නේ in built විදියට එතකොට වහලේ හෝ එළියේ තිබ්බම ඇතුලට wifi coverage එක අඩු වෙන්න පුලුවන්
මේකට විසදුම් දෙක තුනක්ම තියෙනවා එකක් wifi split කරන්න පුලුවන් 2.4Ghz & 5Ghz වලට මේකෙන් 2.4 එක ටිකක් speed අඩු උනත් වැඩි දුරකට වැඩ කරනවා
ඒ වගේම pc,laptop වගේ ඒවට Cat6 cable එකක් වෙනම අරන් use කරන්න පුලුවන් එහෙමත් නැත්නම් Mesh එකකට හෝ Extender එකකට යන්න ඕන Tplink , Starlink Router 3 ,Starlink Router Mini වගේ එකකටත් යන්නත් පුලුවන්
එහෙමත් නැත්නම් low budget විදියට පරන unlock කරපු Dialog/SLT වගේ router එකක් use කරන්න පුලුවන් 5Ghz support කරනවා නම් ශේප් එකේ පාවිච්චි කරන්න පුළුවන්.
• අනවශ්‍ය මාස වලදි cancel කරන්න පුලුවන් ද
ඔව් starlink pre paid නිසා ඊළඟ bil period එක පටන් ගන්න කලින් website එක හරහා cancel කරලා අවශ්‍ය වෙලාවට බිල ගෙවලා ආයේ active කරන්න පුලුවන්
• කරන්ට් බිල
සාමාන්‍යන් standard එකක් 24h දාලා තිබ්බොත් මාසෙකට unit 30 - 35 වගේ යන්න පුලුවන් mini එක ඊට අඩුයි ~20 ගානක් වගේ පාවිච්චි නොකරන වෙලාවට sleep schedule එක දාලා මේක ටිකක් අඩු කර ගන්න පුලුවන්
• Obstruction
මුල් කාලේ starlink වගේ V4 එක සැටලයිට් යන යන පැත්තට හැරවෙන්නෑ ඒ කියන්නේ ඒක North එකට මූණ දාලා fixed කරන්නේ ගස් තියෙනන් හෝ වෙන බාදා තියෙනම් ඒක connection quality එකට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්
Obstruction තිබ්බත් speed එක පෙන්නනවා ප්‍රශ්නයක් නැතුව හැබයි Drop වෙනවා ඒකෙන් Video Conference වගේ ඒවට ලොකුවට බලපාන්න පුලුවන්
ඒ වගේම obstruction වැඩී නම් වැස්සට ටග්ගාලා offline යන්න පුලුවන් obstruction නැත්නම් තද වැස්සකට උනත් mini එකට වඩා standard එක අල්ලන් ඉන්නවා තදම වැස්සක් නම් speed එක 50ට වගේ අඩු වෙන්න හෝ තප්පර කීපයකට offline යන්න පුලුවන්
• Fiber ද Starlink ද
ඔයාට හදිස්සියට ගොඩක් ලොකු size වල upload කරන්න වෙනව නම් Stream කරනවා නම් ping එක ගොඩක් වැදගත් game වලට නම් තවමත් හොඳ fiber තමයි.
Starlink වලින් ලොකු file upload කරන්න පුලුවන් පැය ගණං ගියත් කලබලයක් නැත්නම් ඒ වගේම අඩු frame rate එකකින් HD steam කරන්නත් පුලුවන් obstruction නැත්නන් ශේප් එකේ.
• අකුණු වදිනවද /කොහොමද mount කරන්නේ
Starlink එකටම කියලා විශේෂයෙන් අකුණු වදින්නෑ හැබයි ඕනම දේකට අකුණු වදින්න පුලුවන් ඒක නිසා හොදටම අකුණු ගහන වෙලාවක unplug කරලා තියන එක හොදයි.
Starlink එක තනියම සවිකරගන්න පුලුවන් ගොඩක් වෙලාවට ලොකු දෙයක් නෑ අවශ්‍ය නම් site එකෙන්ම Original mount ගන්න පුලුවන් නැත්නම් Daraz,Temu,Ali express වගේ ඒවයින් ගන්නත් පුලුවන් නැත්නම් මම වගේ පාස්සලා හදාගන්නත් පුලුවන් එහෙමත් නැත්නම් ඕවා ගෙදරට ඇවිත් හයි කරලා දෙන අය ඉන්නවා එයාලා ලග mount තියෙනවා බොහෝ විට එහෙමත් නැත්නම් නිකන් තියලා පාවිච්චි කරන්නත් පුලුවන්
• මොකක්ද මේ referral කතාව
ඉස්සර singer එකෙන් ගත්තත් derect site එකෙන් ගත්තත් වෙන කෙනෙක්ගේ referral link එකෙන් ගියොත් 2nd month එකට free credit හම්බුනා හැබැයි දැන් කතාවෙ වෙනස්..
දැන් දෙන්නේ දෙන්නටම රු.15,000ක් ඒක හම්බෙන්නේ Direct starlink එකෙන් link එකක් හරගා ගියොත් විතරයි Singer වගේ Resellers ලගෙන් ගද්දි හම්බෙන්නෑ අනික දැන් credit එන්නේ 60 days වලින්.singer එකෙන් වැරදීලා හරි ආවොත් කියලා ඕන නම් try කරල බලන්න
• Starling Customer care
ආයේ අහන්න දෙයක් නෑ සුපිරී
මම Dialog outdoor router එකක් extender එකක් විදියට පාවිච්චි කරන්න ගිහින් මගේ standard එකේ router එකේ poor wifi signal කියලා error එකක් ආවා ඒකෙන් speed එකට ප්‍රශ්නයක් වුණේ නෑ හැබැයි support ticket එකක් දැම්ම ගම්න් මට අළුත් router එකක් නොමිලේ ගෙදරටම එව්වා.ඒ වගේම මාසයක් free credit හම්බුනා ඒකට.
• මොනවද තියෙන restrictions
කිසිම site එකකට යන්න restriction එකක් නෑ හැබයි copyright contest බාද්දි නම් ප්‍රශ්නයක් වෙනවා ඒවට එක එක ක්‍රම තියෙනවා වැඩිය හිතන්න ඕන ප්‍රශ්න නෙමේ අනික Telegram එකෙන් download කරාට නම් කිසිම ප්‍රශ්නයක් නෑ..
• second hand එකක් ගන්නවන්ම් මොකද කරන්න ඕන
එහෙම second Hand එකක් ගන්නවනම් අනිවාරෙන්ම තමන්ට ownership එක ගන්නම ඕන නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා එහෙම වෙලා device එක ban වෙච්ච අය ඉන්නවා එහෙම ගන්නවනම් ඔක්කොටම කලින් ownership transfer කර ගන්න තමන්ට
Ownership transfer කරන්න නම් starlink එක active කරලා දින 90පැනලා තියෙන්න ඕන හෝ මිලදී අරන් දින 120පැනලා තියෙන්න ඕන