සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බ්‍රැන්ඩිගම්පල ග්‍රාම නිලධාරී වසමට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරී නිහාල් විජේසිරි මහතාට රාජකාරියේ යෙදී සිටියදී ප්‍රහාරයක් එල්ල කරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබේ.
දිට්වා ආපදා වන්දි මුදල් සම්බන්ධ කාරණාවක් මුල් කරගනිමින් මෙම ප්‍රහාරය සිදුකොට ඇති බවත්
දැනට එම ග්‍රාම නිලධාරීවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වේ.
අදාළ පහරදීමට හිටපු යුද හමුදා සෙබළෙක් සැකපිට අත්අඩංගුවට ගෙන අද (09) දින අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වුණි.
මෙම ප්‍රහාරයට විරෝධය පා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීන් නිහඬ විරෝධතාවක් අද (09) පැවැත්වුණි
