බිත්තරයක් වෙනුවෙන් රුපියල් 9 ත් 11ත් අතර බද්දක් – කුකුළු මස් සහ බිත්තර මිලෙන් සියයට විසිපහක් බදු – ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය

monson

Well-known member
  • May 7, 2007
    26,586
    31,216
    113
    :lol: 🤌
    දෙසැම්බර් මාසය වන විට බිත්තර මිල රුපියල් හතළිහත්, හතළිස් පහත් අතර මිලක් දක්වා වැඩිවනු ඇතැයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

    ගෙවුණු මාස කිහිපයේදී බිත්තර නිෂ්පාදනය සඳහා වන අමුද්‍රව්‍ය මිල සියයට විස්සකින් පමණ ඉහළ යාම හේතුවෙන් බිත්තර මිල ක්‍රම ක්‍රමයෙන් වැඩි වූ බව හෙතෙම කීවේය.

    වර්තමානය වන විට බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 32 – 34 අතර මිලක් වන අතර ගොවිපොළ මිල රුපියල් 35ක් වූ බවත් වෙළෙඳපොළ මිල රුපියල් 40ක් වූ බවත් අජිත් ගුණසේකර පැවසීය.

    නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් පාඩුව පියවා ගැනීමට ගොවිපොළ හිමිකරුවන් බිත්තර දමන කිකිළියන් මස් සඳහා අලෙවි කිරීමට පෙලඹීමත් සමග බිත්තර මිල තවත් ඉහළ යාමේ අවදානමක් මතුව ඇත.

    දෙසැම්බර් මාසය වන විට සංචාරක හෝටල්වලින් බිත්තර ඉල්ලුම වැඩි වීමත් සමග වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් ලබා දිය නොහැකි වීමද බිත්තර මිල ඉහළ යාමට බලපානු ඇතැයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසීය.

    සහන මිලට ජනතාවට බිත්තර ලබා දීම සඳහා රජයෙන් අය කෙරෙන බදු මුදල් කපා හරින ලෙස ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය ඉල්ලා සිටියි. බිත්තරයක් වෙනුවෙන් රුපියල් 9 ත් 11ත් අතර බදු මුදලක් අය කරන අතර කුකුළු මස් සහ බිත්තර මිලෙන් සියයට විසිපහක් බදු ලෙස අය කරගන්නා බව එම සංගමය පෙන්වා දෙයි.

    ජනතාවට පහසුවෙන් ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාගත හැකි බිත්තර සහ කුකුළුමස් වැනි ආහාර සඳහා බදු මුදල් අය නොකරන ලෙස එම සංගමය ඉල්ලා සිටියි.

    - https://newshub.lk/blog/2026/11/11/...er-sri-lanka-livestock-producers-association/
     
    • Like
    Reactions: chathu05

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,865
    51,096
    113
    සේදවත්ත
    එමයි සෘජු බදු සීමාව වැඩි කරලා වක්‍ර බදු වලින් සල්ලි හොයන්නේ , හොද නැද්ද ? හොද නැද්ද ? හොදයි එමයි රටවල් හදන්නේ හැමෝම සක්‍රීයව දායක කරගන්නවා
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,278
    2,362
    113
    හොරා කාලා වට්ටපු රටක් ගොඩ නගන්න බදු ගහන්නේ, අපේ ආණ්ඩුවත් කැමැත්තෙන් නෙමෙයි මේවා කරන්නේ! නඩු ටික ඉවර වෙනකොට 2035-40වත් වෙයි. තාම හරි හමන් නීති නැහැ හොරා කාපුවා අය කරගන්න. කබ්රාල්ගේ සල්ලිත් තාම දුන්නේ නෑ කියලා ආරංචි. එතකම් බදු ටික ගෙවලා රට පොහොසත් කරන්න ඡන්දේ දීපු මිනිස්සු ලෑස්ති.! බයියෝ අඬන්න ඕනේ නෑ ඒකට!
     
    • Haha
    Reactions: dilann