මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය

    මන්නාරමට ගව මස්, එළු මස් සහ ඌරු මස් සතියකට තහනම්​


    මන්නාරම දිස්ත්‍රික්කය තුළ ගව මස්, එළු මස් සහ ඌරු මස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම මෙන්ම මස් පිණිස සතුන් ඝාතනය කිරීම ඊයේ (03) දින සිට සතියක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා සඳහන් කරන්නේ පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

    පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය සහ ගංවතුර ආපදා හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ගවයන් ඇතුළු ගොවිපළ සතුන් විශාල වශයෙන් මියගොස් ඇති බව වාර්තා වේ. ආපදාවට ලක්ව මියගිය එම සතුන්ගේ මස් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් පවතින බැවින්, එය වැළැක්වීමේ මූලික පියවරක් ලෙස මෙම තහනම පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

    මේ අතර ගංවතුර ආපදාවලට ලක්ව මියගිය සතුන්ගේ මළ සිරුරු මිනිස් පරිභෝජනය සඳහා විකිණීම හෝ ප්‍රවාහනය කිරීම සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා දිවයින පුරා සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ද සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    මෙවැනි නීතිවිරෝධී සහ සෞඛ්‍යාරක්ෂිත නොවන මස් ජාවාරම් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම තම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. එසේ කිරීමට නොහැකි වන අවස්ථාවලදී පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ 1926 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකිය.


    කුකුළන් ලක්ෂ 15 ගංවතුරට අහුවෙලා​

    ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් කුකුළු ගොවිපළවග සිටි සතුන් ලක්ෂ 15ක් පමණ ගංවතුරට හසුවී මියගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය.

    ඔහු සඳහන් කළේ දැදුරු ඔයෙන් පහළ කොබෙයිගනේ ප්‍රදේශවල පමණක් කුකුළු ගොවිපොළවල සිටි සතුන් දළ වශයෙන් ලක්ෂ 10ක් පමණ මෙලෙස ගංවතුරට හසුව මියගොස් ඇති බවයි.

    කුකුළු ගොවිපොළ වලට දැඩි හානි සිදුවූ බවත් කී හෙතෙම එමනිසා බිත්තර නිෂ්පාදනය සියයට හතළිහක් (40%) පමණ දක්වා පහත වැටුණු බවද ඔහු පැවසුවේය.

    ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී බිත්තර මිල ඉහළ යා හැකි බවද ඔහු කීය.
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,908
    10,136
    113
    මාලු වලට මොකද වෙලා තියෙන්නෙ
    හෝදගෙන එන ජරාවනෙ කන්නෙ. අනිත් එක උන්ගෙ ඇඟේ හැම තැනම ඔය ජරාව. කොහොමත් අපි පායන කාලෙටත් වැව් මාලු කන එක නතර කරනවා.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අල් බෛක් නානා කන්ටැක්ට් කලොත් හොඳ හරක් මෂ් ටිකක් හොයාගන්න පුලුවන් වෙයි @Al Baik
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,392
    113
    අපෝ ඔව් හොදම දේ ෆ්‍රේස් ගන්න එක මස් කඩෙන්. නැත්තම් හොද බලයෙක් ෆ්‍රස් මාලු ලොරිය ගාව්න් ගන්න එක.