"මේවා යුද්ධද" කියලා රුසියාවේ යුද්දයට ගිය ලංකාවේ උන්ට වෙච්ච වැඩේ! 💥

pramodh87

Well-known member
  • Oct 11, 2007
    4,113
    10,845
    113
    ඔබ දන්නවා 2022 වසරේ ඇරඹි රුසියානු - යුක්‍රේන යුද්ධය ගැන.මේ බිහිසුණු යුද්ධය දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා රුසියාව හා යුක්‍රේනය කියන පාර්ශව දෙකම විදේශ රටවල් වලින් කුලී හේවායන් (Mercenaries) බඳවා ගැනීම ආරම්භ කලා. මම අද මේ කතාව කියන්න යන්නෙ එම රුසියානු කුලී හමුදා ඒකකයකට බැඳිලා කකුලෙන් කෑල්ලක් ගලවගෙන යන්තම් පණ බේරගෙන ආපු මම හොඳින් අඳුනන කෙනෙක්ගේ අත්දැකීම් සමුදායක් සහ අපේ එවුන් කොයිතරම් ගොනාට අන්දන්න පුළුවන්ද කියන එක ගැන.

    අපි ඒ කෙනාට චන්ද්‍රසේන කියලා අනුවර්තනාමයක් භාවිතා කරමුකෝ.ඉතිං මේ චන්ද්‍රසේන යුද්ධ හමුදාවේ විශ්‍රාමික ඉහල නිලධාරීයෙක්ගෙ දැන හැඳුනුම්කමකින් කුරුණෑගල පැත්තේ හෝටලයකට යනවා දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට.මෙහිදී අදාල උසස් විශ්‍රාමික හමුදා නිලධාරීයා සහ තවත් මෙම රුසියානු කුලී හමුදා වැඩසටහනේ සම්බන්දීකාරක ලාංකික නියෝජිතයො කීප දෙනෙක්ම හම්බවෙනවා. මුන් මෙන්න මෙහෙම තමයි මේ කුලී හමුදා වලට අපේ රටේ විශ්‍රාමික රණවිරුවන්ව ගොනාට අන්දලා තියෙන්නෙ" ඔයාලා ලෝකේ භයානකම ත්‍රස්තවාදයක් පරාජය කරපු රණවිරුවො,ඔයාලා ලෝකෙම හොල්ලපු අය,රුසියාව වෙනුවෙන් සටන් කරන්න යන ඔයාලට මාසෙට රුපියල් ලක්ෂ 30ක වැටුප් ලැබෙනවා , මුළු පවුලටම රුසියානු පුරවැසිභාවය ලැබෙනවා වගේ හොඳ බේගල් ටිකක් දෙසලා බටර් පාර ගාලා හොඳට කන්න බොන්න දීලා කිව්වලු විශ්‍රාමික අයනම් ප්‍රශ්නයක් නැහැ කිව්වලු සේවයේ ඉන්න කට්ටියට ජොබ් දමලා ගහලා එන්න කිව්වලු ඔයාලට තියෙන්නෙ රුසියානු හමුදාව අල්ලාගත්ත ප්‍රදේශ වල ආරක්ෂාව තහවුරු කරන්න විතරයි කිව්වලු.අපේ කථානායකතුමත් මේක අහලා හරි සතුටින්ම ඉතිං තීරණය කලාලු ජොබ් එකෙන් ඇබ්සන්ට් පාරක් දාලා රුසියාවේ යන්න.

    කොහොමහරි මෙයාගෙ රුසියාවේ යන්න සෙට් වුන සෙට් එක අතරට බහුතරයක්ම ඉඳලා තියෙන්නෙ ලංකාවේ ඊලාම් යුද්ධයට සක්‍රීයව දායක වුන රණවිරුවො ටිකක්. ඉතිං මේ සෙට් එක රුසියාවට එක්කගෙන ගිහිල්ලා දවස් පහක් විතර හොටෙල්
    එකක රඳවලා තිබ්බලු.කන්න බොන්න හැමදේම අත ලඟට එනවලු ගිය සෙට් එකට හිතුනලු අපි දිව්‍ය ලෝකෙට ඇවිල්ලා තියෙන්නෙ කියලා.හයවෙනි දවසෙ රෑ කොහොමහරි රුසියන් කුලී හමුදාවේ වැඩබලන අණදෙන නිලධාරීයා ඇවිල්ලා මේ සෙට් එකව එක්කගෙන ගියාලු රුසියන් හමුදාවෙන් අල්ලගත්ත තැනකට මුන්ව.ඊටපස්සෙ මුන් ටිකට සාමාන්‍ය Gear කට්‍ටලයක් දීලා පොඩි රෙෂම් ටිකක් දීලා යුනිෆෝම් දීලා කිව්වලු මෙතන ඩියුටි ඉන්න කියලා. ඔහොම සති දෙකක් විතර ඔතන ඩියුටි කරකර ඉන්නකොට එකපාරටම ඇවිල්ලා ලංකාවෙන් ආපු සෙට් එකව එක්කන් ගියාලු යුද්ධය දරුණුවටම තිබ්බ ලුහාන්ස්ක් යුද්ධ පෙරමුණට දැන් මුන්ට රුසියන් නිත්‍ය හමුදාවෙ එවුන් අණ කරනවලු Front එකට යන්න කියලා .අරුන්ටත් ඉතිං කරන්න දෙයක් ඉතුරුවෙලා තිබ්බෙ නෑ front එකට ගිහිල්ලා .ඒ යන අතරමගදි පවා යුක්‍රේන ඩ්‍රෝන් ඇටෑක් වලින් පහකට විතර කෙලවෙලා.අපේ කථානායකතුමත් ඩ්‍රෝන ඇටෑක් එකකින් අනුනවයෙන් බේරුණාලු.

    ඔහොම කොහොමහරි මේ ඩයල් එකට පලවෙනි මාසෙ පඩිය නම් අතට ලැබුණලු ලක්ෂ ගාණක්.පලවෙනි පඩිය ලැබිලා ඊටපස්සෙ තමා යුද්ධයේ හොඳම කෑලි ටික පටන් ගන්නෙ .රුස්සෝ මුන්ව පන්නනවලු හැමදාම frontline එකට Line එක අල්ලගන්න. මුන්ට හරිහමන් Gear set එකක්වත් දීලා නැතිලු/හරිහමන් කෑමක් දීලා නැතිලු / හරිහමන් විදිහට සෙබලෙක්ට ලැබෙන්න ඕනෙ දේවල් ටිකවත් දෙන්නෙ නැතුව මුන්ව බිලීබෝයිස්ලා විදිහට රුසියන් එවුන් මුන්ව පාවිච්චි කරලා තියෙන්නෙ. අනික මුන්ට ඒවට විරුද්ධව මුකුත් කියන්නත් බැරිලු මුන් කුලී හමුදා ඒකකවල සොල්දාදුවන් නිසා රුසියානු නිත්‍ය හමුදාවේ අද ඊයෙ පාස් අවුට් වෙලා එන කොල්ලගෙනුත් zhuka blayat කියලා අහන්න මුන්ට සිද්ධ වෙලා. මුන්ගෙ මාසෙ පඩිය නිත්‍ය හමුදාවේ එවුන් බලහත්කාරයෙන් කොල්ල කාලා .මුන්ට ගුටිත් දීලා . ඒ මදිවට නම් කමක් නෑ පසුබහින එකාට වෙඩිත් තියලා රුස්සෝ.අපේ කතානායක චන්ද්‍රසේනටත් යුක්‍රේන ඩ්‍රොන් ඇටෑක් එකකින් කකුලට බරපතල තුවාල වෙලා පොරව රුසියන් මිලිටරි හොස්පිට්ල් එකකට යැව්වලු. කකුල හොඳ වුන ගමන් අපේ චන්ද්‍රපාල උන්නැහේ ලංකාවේ එකෙක්ගෙ උදව්වෙන් හොස්පිට්ල් එකෙන් පැනලා ගිහිල්ලා තානාපති කාර්‍යාලෙ ගාව නාහෙන් අඬලා අඬලා යන්තම් පණ බේරගෙන ආවලු.

    සරලවම කිව්වොත් රුසියාව විදේශිකයන්ව තමන්ගෙ රටේ නිත්‍ය හමුදාවට බඳවාගන්නෙ නෑ.බඳවාගන්නෙ Wagner /Storm Z වගේ කුලී හමුදා ඒකක වලට විතරයි .අනික ලංකාවේ උන් හිතාගෙන හිටියෙ රුසියාවේ තියෙන්නෙත් ලංකාවේ තිබ්බා වගේ වාඩා පුණ්ඩා ගාලා කොටි තුවක්කුව උස්සන් එන යුද්ධයක් වගේ රුසියානු -යුක්‍රේන යුද්ධය කියලා. හැබැයි රුසියානු -යුක්‍රේන යුද්ධය කියන්නෙ ඒවගේ සරල යුද්ධයක් නෙවෙයි .ලෝකයේ උසස්ම තාක්ෂණයන් යොදාගන්නා තාක්ෂණික යුද්ධයක් .අපේ රටේ උන්ට ඒවා එක්ක හැරෙන්නවත් බෑ. ඒ විතරක් නෙවෙයි යුද්ධ බිමේ තියන රළු කාලගුණික තත්වයට පවා මුහුණ දෙන්න අපේ උන්ට හැකියාවක් නැහැ. ඔබ හොඳටම දන්නවා ඇති ඊලාම් යුද්ධයේ හොඳම වැඩකාරයො විදිහට නම්දරාපු මිනිස්සු රුසියාවේ එක දවසින් මැරුණා.සමහරුන්ගෙ මිනියට වෙච්චි දේවත් හොයාගන්න බැරිවුනා. තවත් සමහරු යුක්‍රේනයට යටත් වුනා. මේ වෙන මොකක්වත් නිසා නෙවෙයි අපේ ලංකාවේ උන් ඔළුවේ තියාගෙන හිටියේ මේකත් ඊලාම් යුද්ධය වගේ කියලා.

    රුසියාව වෙනුවෙන් යුද්ධ වදින්න ගිහිල්ලා ආපු මිනිස්සුන්ගෙ කඳුළු කතා මම අමුතුවෙන් සඳහන් කරන්න යන්නෙ නෑ.නමුත් ලොකු ගැටළුවක් තියනවා ඒ තමා රුසියාවට ලංකාවෙන් යවපු එක සොල්දාදුවෙක්ගෙන් විතරක් ලංකාවේ ඉන්න කුලී සොල්දාදු ජාවාරම මෙහෙයවපු මුදලාලි ලක්ෂ 80 කට වඩා හම්බකරගෙන තියනවා රුසියන් කුලීහමුදා කාරයන්ගෙන්. හැබැයි මේ ජාවාරමට සම්බන්ධ බිම් මට්ටමේ සොක්කො ටිකක් මිසක් තාමත් මේ ජාවාරමට මුල්වුන ඉහල පෙලේ මුදලාලිලා ටිකට තාමත් නීතිය ක්‍රියාත්මක වෙලා නෑ. 😕 ඒ නිසා පිංසිද්ද වෙයි කොහේවත් යන යුද්ධ වලට උඹලා බිලීබෝයිස්ලා වෙන්න යන්න එපා. සිකුරුටි රස්සාවක් හරි කරගෙන ඉන්න බලපල්ලා.
    ඵලකට නැති යුද්ධ වලට බිලිපූජා වෙන්න යන්න එපා..


    උපුටාගැනීමකි - Subash Priyanka
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,053
    2,610
    113
    Nugegoda
    හමුදාවෙ හිටිය අය විතරක් නෙමෙයි වෙන අයත් රවට්ටල යුද්ධය සම්බන්ධ කටයුතු වලට ඇරිය රැසියාවට.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,701
    10,621
    113
    44
    Living in an Atom
    රුසියානුවෝ කියන්නේ මිලේච්ච ජාතියක්. හැබැයි රුසියාව යුක්රේනයෙන් දොබෙන් යන්න කෑවා . LTTE එකත් එකක් තිබ්බ යුද්දේ වගේ නොවෙයි. මේක තාක්ෂණික යුද්ධයක්.
     
    • Like
    Reactions: pramodh87

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,837
    18,050
    113
    Auckland
    ලංකාවෙ අවුරුදු 30ක් තිස්සෙ මැරුන ගාන මැරෙනව මාස 2-3කට සැරයක්. දැපැත්තෙම උන් එකතුව කියන්නෙ මාසෙකට 30000-50000ත් අතර ගානක්. උන්ටවත් ගනන් කරගන්න බැරි සීන් එකක් තියෙන්නෙ
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,113
    10,845
    113
    RRPn4111NI.jpg
     
    • Wow
    Reactions: -333-