ඉන්දියා පකිස්තාන් ඇත්තම තත්වය 18+

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911
    113
    "ජෝලීකේපීචේ චාහේ...
    ජෝලීකේ පීචේ..."
    සවස වැඩි වැඩක්ද නොතිබූ නිසා අගමැති මැඳුරේ නාන කාමරයේ කන්නාඩියෙන් බලා තම රැවුලේ කලු කෙස් ගස් ඉවත් කරන මෝදිට අසුණේ තම ජංගම දුරකථනය නාදවන ශබ්දයයි,
    මේ වනවිටත් සියළු යුද්ධමය තීරණ ගැනිම හමුදා කාර්‍යමණ්ඩල ප්‍රධානී උපේන්ද්‍ර දිවේදි ඇතුළු අයට පවරා ඇති නිසා මෝදි හිටියේ සමෝසා එකක් කමින් හරිම සැහැල්ලුවෙනි,
    සමෝසා ඇතුලේ ඇති ග්‍රීන් පීස් ඇට කෑමට ඔහු කුඩා කල සිටම මහත් රුචියක් දක්වයි,
    ඒ අතරම ඔහු නිතරම ඊශ්‍රායල් පලස්තීන් යුද්ධය සහ රුසියානු යුක්‍රේන යුද්ධය පිලිබඳ උනන්දුවක් ආසාවක් දැක්වූයේය,
    පකිස්තානය සහ ඉන්දියාව අතර සිදුවන දේ පිළිබඳවද ඔහු යම් අවධානයකින් සිටිය බව කිවම යුතුවේ,
    ඔහු ආසා කලේ පකිස්තානය තම හමුදා අල්ලනු දැකීමයි,
    ඉන් පසු කාශ්මීරයේ සීතල කන්දක කෑම්පින් කිරීම ඔහුගේ ආශාව වී තිබිණි,
    එවිට කාශ්මීරයේ ආදායමද තම රටට එනු ඇති නිසා,
    දැනට ලෝකයේ 5වන ආර්ථික බලවතාගේ තත්වය නුදුරේදීම 1 වෙනියා දක්වා යාම ඔහුගේ බලාපොරොත්තුවයි,
    චීන ක්ශින් ජින් පින් කොටාට අවසානයේ පාඩමක් ඉගැන්වීම ඔහුගේ එකම බලාපොරොත්තුවයි.
    මෝදි කිසි සැලකිල්ලක් නොමැතිව නාදවූ තම ජංගම දුරකථනය අතට ගත්තේ,
    "මේ ෆෝන් ඉංදියාවේම හදවනවා මම චීනෙ එකක්වත් හදන්න නොදී"
    කියමිනි,
    ඊට අමතරව රාහුල් ගාන්ධිවත් මේ අව් අස්සේ විශ්වාස භංගයක් ගෙනවිත් රජය පෙරලයිදෝයි සැකයක් තිබූ නිසා ඒ පිලිබඳ ඇමතුමක්දැයිත් ඔහුට සිතුණි,
    "අරෙ භගවාන් බෑං චෝද්...
    ට්‍රම්ප් සහාබ්"
    මෝදිට කියවුණ අතර කතුරෙන් ඔහු ආදරේ කරන සුදු රැවුල් ගස් 4ක්ද කැපී ගියේය,
    "හෙලෝ...
    ගුඩ් ඊවිනින් සර්..."
    මෝදි ඇමතුවේය,
    "මොකක්?"
    ඇසුවේය,
    "ආ...
    සර්ලට උදේ 8 වගේ ඇති නේද?
    ගුඩ් මෝනින් සර්"
    "මෝනින්"
    ට්‍රම්ප් නුරුස්නා ස්වරූපයෙන් පැවසීය,
    "අනේ...
    සර්ගේ කටහඬ අහන්න ලැබුණ එකත් ලොකු දෙයක්,
    බැරැන්ඩි වෙලා වගේනේ,
    අපි එවන්නද මොකක් හරි බේතක්?
    සර් කොහෙද ගෙදරද වයිට් හවුස්ද...
    නැත්නම්..."
    මෝඩ ජෝක් එකක් මෝඩි අවසානයේ දැමීය,
    "නෑ නෑ මේ සාන්ත පීතර බැසිලිකාවේ,
    දන්නවා නේද තැන?
    අර සෙලෙන්ස්කි දවල්ටත් නොකා ආපහු දිව්වේ"
    ට්‍රම්ප් වියරු සිනහවක් දමමින් පැවසීය,
    "ආ...
    මතකයි සර්,
    සර් ගත්තේ මේ උදේම?
    කිව්වනම් එනවානේ ඔහෙට"
    මෝඩි කෙල ගිලිමින් පැවසීය,
    "පොඩ්ඩක් ඔහොම ලයින් එකේ ඉන්නවා,
    අනිප්පැත්තේ ඉන්නවා සර්ධාරි"
    ට්‍රම්ප් පැවසීය,
    "සර්ධාරි කිව්වේ සර්?"
    මොදි නැවත මඳක් ඔලුව පාත් කර වටපිට බලා ඇසීය,
    "දන්නේම නෑ??"
    ට්‍රම්ප් සැරෙන් ඇසීය,
    "මේ මේ මේ අපේ පකිස්තානේ"
    මෝදි කතුරෙන් ඉන්දියාවෙ නිශ්පාදිත බුරුත කවිච්චියේ ඉරි අඳිමින් පැවසීය,
    "ඔව් ඔව් නැතුව භූතානේ සර්ධාරිලා ඉන්නවායෑ"
    ට්‍රම්ප් පැවසීය,
    "අනේ සර්...
    මේ ටිකේ ඉතින්..."
    "ඇයි මේ ටිකේ..."
    ට්‍රම්ප් ඇසීය,
    "නෑ...වැඩිය හිත හොඳ නෑනේ අපි,
    අනික අපි ඔපරේශන් සින්ධූර් පටන් අරන් සර් තියෙන්නේ මියගිය ස්වාමිපුරුශයන්ගේ කාත්නාවන් වෙනුවෙන්,
    සර් දැක්කද අපේ තීම් එක ලස්සනද ඒ ලෝගෝ එකයි තීම් එකයි සුපිරිම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඒක කලේ සර්,
    අර සින්දූර් හැලිලා වගේ තියෙන්නේ,
    ඉන්නකෝ වට්සප් දාන්නම් මම ඒ ෆොටෝ එක"
    "ඒක පකිස්තානෙන් කරපු දෙයක් නෙවෙයිනේ,
    ටෙරා ඇටෑක් එකක්නේ"
    ට්‍රම්ප් සංයමයෙන් පැවසීය,
    "මේක ඉවසීමේ සීමාවක් තියනවානේ බුදු සර්,
    අපි කියා පොනයෝයෑ සර්,
    අපේ රටේ ලොකු බලන්නකෝ,
    ඒක නිකම් අපේ රට එක්ක බැලුවාම බිජ්ජක් වගේ,
    අනික සර් රුසියාවෙන් ගත්ත ඩ්‍රෝන ටිකත් එක්ස්පයර් වෙන්න තව මාස කීපයයි,
    මේවා සුද්දන්ට ස්ට්‍රීට්ෆූඩ් විකුණලා අපේ මිනිස්සු හම්බ කරපු සල්ලි සර්,
    කාශ්මීරේ අපිට ගන්නකම් මේකනම් අතාරින්න කියන්න එපා සර්,
    සර්ලත් ඔය ගහන්නේ පලස්තීනෙට එහෙම චැසි බොල් වෙන්න,
    ඒ වගේ පකිස්තානේ අඩ සඳ සහ තරුව සර්,
    එකතු වෙමු සර්,
    සර්ගේ සපෝට් එකනම් මදි සර්,
    අපි ඔක්කොම සෙට් වෙලා පකිස්තානෙට ගහලා චීනෙත් අල්ලමු සර්"
    මෝදි කියාගෙන ගියේ බය පක්ශපාතීත්වය පරයා ආ ආවේගයෙනි,
    "සීනි හදන්නේ මොනවගෙන්ද?"
    ට්‍රම්ප් ඇසීය,
    "සර්???"
    මෝදි අන්දමන්ද විය,
    "සීනි සීනි,
    ඔය තමුන්ලා චායි වලට එහෙම දාන සීනි හදන්නේ මොනවගෙන්ද"
    ට්‍රම්ප් පැවසීය,
    "අපේනම් උක් නේ සර්"
    මෝදි මඳක් කල්පනා කර පැවසීය,
    "ආ....
    මට කියලා උක්කවාගන්නවද නැත්නම් තොපේ මේ රණ්ඩුව නවත්තනවද?"
    ට්‍රම්ප් අඩි පොළොවේ ගසමින් ඇසීය.

    "හෙලෝ සර්ධාරි,
    මම මේ කතා කරන්නත් හිටියේ,
    මේ ප්‍රශ්ණේ නවත්තමු නේද"
    මෝදි කියාගෙන කියාගෙන ගොස් අගමැති මන්දිරයේ මේසය මත තිබූ වතුර වීදුරුවක් එක හුස්මට ගිල්ලේය.

    @Janatha Jhon
    "යේක ඒක තමා මෝදි බොශා,
    මමත් මේ උතේ ඉදන් ගන්න බැලුවේ බොශාට,
    ඒත් මෙහේ ශික්නල් නෑ,
    ඒ එක්කම තමා අපේ ට්‍රම්ප් බොශා මේ මට කෝල් එක ගත්තේ,
    යේක මම හමුදාවට කියන්නම්"
    සර්ධාරිද කියාගෙන ගිය අතර මෝදිට ඔහුගේ පැත්තෙන්ද ජලය පානය කරන හඬක් ඇසෙන්නට විය.
    "මම තිබ්බා"
    ට්‍රම්ප් පැවසීය.


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    The Next Generation Data GIF by Star Trek