හෙට මැරුනොත් මැරෙන්නෙ සතුටින්ද..?

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,869
    7,378
    113
    36
    මගෙ උගත් මිත්‍රයාගෙ දෘෂ්ටිකෝණයෙන් බැලුවම ඔය අදහස ඇවිත් තියෙනව. ඒකට මම ගරු කරනව.

    හැබැයි මිත්‍රයා අපේ අධ්‍යයනය, ප්‍රයෝගීක ජීවන ගැටළු වගේ කාරණා වලින් ලබන නිගමන මම කියන්නම්.

    01. "සල්ලි තියන එකයි විඳවන එකයි දෙකක්නෙ. සල්ලි තිබ්බා කියල මානසික විඳවීම් නැති වෙන්නේ නෑ."

    උදාහරණයට ගමු ආර්ථිකමය වශයෙන් මේ වෙද්දි ස්ථාවර කෙනෙක්ව. ඒ කෙනාට ඔන්න ලෙඩක් හැදෙනව. මේකට කියමු අපි නහයෙ ඇතුලෙ මස් දල්ලක් කියල. මේක ඔපරේශන් එකකින් අයින් කරන්න ඕන. ඊට පස්සෙ රෙස්ට් කරන්න ඕන. ආයෙ ඒක ලියලනවද කියල බලන්න ඕන කියල. එතනදි මේ පුද්ගලයට හිතන්න වෙන්නෙ, යන රෝහල ගැන. එතන පුහුණු වෛද්‍යවරු ඉන්නවද කියන එක ගැන. ඒකට ජීවිත රක්ෂන ආවරනය ලබා ගන්න විදිය ගැන. හොඳද? මානසිකව විඳවන්න වෙන්නෙ මේ කියන ප්‍රශ්න ගැනයි මූලිකව.

    02. "මානසික ප්‍රශ්න නැත්නම් සමහර දුප්පත් මිනිස්සු සල්ලි තියන මිනිස්සුන්ට වඩා සෑහෙන්න සතුටින් ඉන්නේ."

    දැන් අර කලින් රෝග තත්වයම ඇති වෙනව ජොබ් එකේ හරියට තිතට අවංකව වැඩ කරන්න ගිහිල්ල, එතන ඉන්න චීත්ත විසින් ඒ තැන එපාම කරවල, ඒ නිසාම තමන්ගෙ හැකියාවට හරියන්න තමන්ගෙම කොම්පැනි එකක්ම පටන් ගන්න ස්ටාර්ටප් එකක් කරන කෙනෙක්ට. මේ උදාහරණෙ ගත්තෙ අපේ මේ කිරියට අදාල වෙන හින්ද. නැත්තන් අර ලඟකදි කොරියන් වාහනයකට අහුවෙලා ණය වෙලා බින්දුවටම වැටිල උන්න අපේ එකාවම ගමුකො. හිතමු ඌ තනි මිනිහෙක්. කසාද බැඳල නෑ තාම. ගෙදරටත් කීයක් හරි දීල. දැන් හිතපන් මූට අර තත්වෙම ඇති වෙනව.

    එතකොට මචන් මූට ප්‍රශ්න 2යි.
    1. රෝග නිවාරණය කරගන්න ඕනෙ. අනිවාර්යයි. (වත්කම් තියෙන කෙනාටත් එහෙමයි.)
    2. ඒ කාලෙදි ඌ ජීවත් වෙන්නෙ කොහොමද? කන්නෙ බොන්නෙ කොහොමද? රෝල ගහන්නෙ කොහොමද? ඒ මග ඇරෙන දවස් ආයෙ රිකවර් කරගන්නෙ කොහොමද? ගෙදරට සලකන්නෙ කොහොමද? ඊට පස්සෙ බෙහෙත් හේත් වලට වියදම් කරන්නෙ කොහොමද? ගවර්න්මන්ට් හොස්පිටල් එකේ වැඩේ හරියට වෙයිද? වේටින් ලිස්ට් එකේ ඉන්න වෙයිද?

    දැන් මෙන්න මේ වීඩියෝ එක බලපන්කො.



    නැත්තන් මට දෙන්න ලෝභයි වීඩියෝ එක බලපන්කො. වයිෆ් කෙනෙක් හරි ෆියෝන්සි කෙනෙක් හරි ඉන්න එකෙක් වැටුන කියල හිතපන්කො. හැබැයි ඌට කොහොමහරි හයියක් වෙන්නෙ කෙනෙක් ඉන්නව නං තියෙන තත්වෙයි. එහෙම නැති එකෙක්ට ඒකට මුහුන දෙන්න විදියයි දෙකක් මචන්. එකයි අපි ගොඩාක් කේසස් වලදි දකින්නෙ.

    එතකොට එහෙම වැටෙන උන් අතර ඉන්නව බන් අර දියමන්තිය පීඩ්නයට ලක්වෙන කාලෙ වගේ ඉන්නෙ උන්. එතකොට ඒක අඳුනගෙන උදව් කළොත් උන් දිනල සමහර වෙලාවට ලෝකෙම ගමන වෙනස් කරන්න පොඩි හරි වැඩක් කරන උන් වෙනව මචන්.


    අපේ පිනුත් අරගෙන සතුටින් ජීවත් වෙයන් ලොක්කා. තව එකෙක්වත් හදපන් පුලුවන් නං :love:
    ------ Post added on Nov 12, 2026 at 9:31 PM

    මම ළමයි හදන්නේ නෑ මචෝ
    පොඩි එකා කිව්වේ නංගි ගේ පුතා

    මට පුද්ගලිකව මේ හිටියා ඇති බං
    කොහොමත් මැරෙන එකනෙ.. අල්ලාගෙන ඉන්න තරම් ආසාවක් නෑ.. හැබැයි මම ආදරේ කරන අය වෙනුවෙන් ඉන්න ඕන :)
     

    nidarsha91

    Well-known member
  • මම ළමයි හදන්නේ නෑ මචෝ
    පොඩි එකා කිව්වේ නංගි ගේ පුතා

    මට පුද්ගලිකව මේ හිටියා ඇති බං
    කොහොමත් මැරෙන එකනෙ.. අල්ලාගෙන ඉන්න තරම් ආසාවක් නෑ.. හැබැයි මම ආදරේ කරන අය වෙනුවෙන් ඉන්න ඕන :)
    වයිෆ් වෙන එකෙක්ගෙ නෙමේ උඹේනෙ බන්. අල්ලන් ඉන්න වෙන හේතු මොකටද බන්? පෝරුවෙද බැන්දෙ? පොරොන්දු අමතකද?
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,589
    1,817
    113
    Morally Bankrupt Sri lanka
    කියලලු කියන්නෙ මගේ උගත් මිත්‍රය බයිබලය කියවල නැහැනෙ. ඒක කියවන්න මිත්‍රයා. මම ඒ ගැන අධ්‍යයනය කළා සීනියර් ගුරුවරියක් යටතේ. රතු ම්හුද දෙබෑ කිරීම පවා වඩදිය බාදිය තත්වයක් කියල මම එතනදි අධ්‍යයනය කළා. ඒ වගේම ඔබටත් පුලුවන්

    මම කිසිම විදියකින් බෞද්ධ විශ්වාසකයින්ට අගෞරව කරනව හරි, බුදුන් වහන්සේට නිග්‍රහ කරනව හරි නෙමෙයි මිත්‍රයා. මගෙ විෂයම වෙන්නෙ ප්‍රශ්න කිරීමෙන් ඉගෙන ගැනීම. මිනිස්සුන්ව අන්දල, වෙන් කරල, කොටවල තම තමන්ගෙ ව්‍යාපාර දියුණු කරගන්න උන් එක්ක මට ලොකු ඇරියස් එකක් තියෙනව. ඒක අඩුම තරමෙ දකින්න හරි ලැබුනොත් ඒ එක එන්ටිටියක් හරි ඇත්තම ජීවිතය තේරුම් ගන්න පටන් ගනීවි. නැති වුණොත් අති බහුතරයක් අතරින් කිසිම කෙනෙක් තව මනුස්සයෙක්ගෙ ජීවිතයක ගුණාත්මකභාවය ඉහල දාන්න උත්සාහ ගන්නෙ නෑ.

    @greenthunder මිත්‍රය කියල තියෙනව පොත් පත් වල දැනුම නැතුව කොහොමද කියල. මම එතනදි කියන්නෙ පොත් පත් කියවන්න එපා කියල නෙමෙයි. මොකද අපි පද්ධතියක සීමාවන් දැනගන්න ඒව පරිශීලනය කරන්න ඕනෙ. හැබැයි, ඒ රචකයට නතු වෙලා ඒ සීමාව අස්සෙ රැඳුනොත්, අපි පරාදයි. එතනින් එහාට හිතන්න දකින්න මනස පුරුදු කරගන්න ඕනෙ වෙනවා. ඒකයි මේ අදහස් බෙදා ගැනීමේ එකම අරමුණ.
    bible studdy kara kiwwa neda, bible ena satan බුද්ධ ධර්මය ye ena marayayi ekakda neth nam wenas da, dekama kiyanna u thama me loke ruler kiyala e gena mokada kiyanna oya
     
    • Like
    Reactions: nidarsha91

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,062
    288
    83
    මේ දක්වා ජීවිතේ ආපු ගමන් මග ගැන සතුටුයිද?
    2026ත් ඉවර වෙන්න ලගයි..

    මොකද හිතෙන්නෙ?
    මේක ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. මම ගැන කියනවනම් ඔව්. හෙට මැරුණත් ප්‍රශ්නයක් නෑ. මැරෙයි කියලා බයකුත් නෑ. මම ජීවත් උණ විදිය ගැන හොඳටම තෘප්තිමත්.

    වයසට ගිය දවසක අපරාදේ කියලා හිතෙන තරුණ ජීවිතයක් ගත කරන්න එපා. අවශ්‍ය දේ මිලදී ගන්න. තමන් සතුටු වෙන දේ කරන්න. තමන්ට පාලනය කරන්න බැරි දේවල් ගැන හිතන එක අත අරින්න.

    දෙමවුපියන්ට සලකන්න. හොඳ යාළුවෝ එක්කෙනෙක් හරි හොයා ගන්න. තමන්ට නැතිදාට කවුරුවත් නෑ කියන එක දැනගෙන ජීවත් වෙන්න. එක එකාගේ දේවල් අහලා වැඩ කරනවා වෙනුවට තමන් හිතලා හරි දේ තීරණය කරන්න. පුලුවන් තරම් ස්වාධීන ජීවිතයක් ගෙවන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,397
    1
    103,220
    113
    34
    Kalutara
    අනිවාර්යෙන්. දාලා යන්න න්බරි විදිහේ බැඳීම් නෑ. ඕන වෙලාවක යන්න පුලුවන් නිදහසක් තියෙනවා. බැඳීම් නෑ කියන්නේ තන්හාව නෑ.
     
    • Sad
    Reactions: jennt

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,480
    1,848
    113
    Gotham City 👁
    දැන් මැරුනත් අපිට හරියට කියන්න බැහැ සතුටින්ද මැරෙන්නේ කියලා මොකද චුත සිත කොහොම පිහිටයිද කියලා දෙයියන්ටවත් කියන්න බැහැ, කෙල්ලෙක් ගැන හිත හිත මැරුනොත් සංසාරේ වටයක් ගහලා එයාගේ බාඩේම උනත් ඉපදෙන්න පුලුවන් ❗
     
    • Like
    Reactions: jennt

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,998
    2,409
    113
    Tavathimsa
    දැන් මැරුනත් අපිට හරියට කියන්න බැහැ සතුටින්ද මැරෙන්නේ කියලා මොකද චුත සිත කොහොම පිහිටයිද කියලා දෙයියන්ටවත් කියන්න බැහැ, කෙල්ලෙක් ගැන හිත හිත මැරුනොත් සංසාරේ වටයක් ගහලා එයාගේ බාඩේම උනත් ඉපදෙන්න පුලුවන් ❗


    https://www.tripitaka.online/sutta/742
     

    nidarsha91

    Well-known member
  • bible studdy kara kiwwa neda, bible ena satan බුද්ධ ධර්මය ye ena marayayi ekakda neth nam wenas da, dekama kiyanna u thama me loke ruler kiyala e gena mokada kiyanna oya
    දෙකම එකයි මිත්‍රයා. ඉන්දියාවෙන් ආසියාවෙන් මාරයව පෙන්වද්දි ඒ පෙන්වන මාරයට ආසියානු පෙනුම ලබා දෙනව. ඒකෙත් චීන තායිලන්ත පැත්තට යද්දි තවත් වෙනස් වෙනව පෙනුමෙ ඉඳලම. හැබැයි ඇතුලෙන් කියවෙන සිතුවිලි ධාරව ඔක්කොම එකයි මිත්‍රයා. පොත් කියවගෙන පොත් ඇතුලෙන් දකින්න පටන් ගත්තම ලස්සනට පේනව ගොඩාක් කතා පොත් වල තියෙන්නෙ එකම කතාව කියල. එතකොට මම බෞද්ධ, මම ක්‍රිස්තියානි, මම හින්දු, මම ඉස්ලාම් කියල මරාගන්න දෙයක් නෑ කියල. සරලයි

    බයිබලයෙ නව ගිවිසුමේ හොඳම තැන යක්කු ගැන කතා කරන්නෙ, ජේසුස්ව දින 40ක් පාළුකරයට අරගෙන යන තැනනෙ. එතන වෙන්නෙත් මනුශ්‍යයෙක්ගෙ හිතේ ඇතිවෙන සිතුවිලි ධාරාවට රූප එකතු කරල පෙන්වන එකනෙ. මොකද බහුතරයකට ඒ සිතුවිලි කියන දේ තේරුම් ගන්න විනිවිද දකින හැකියාවක් නෑ. ඉතින් රූප දාල නයි දාල යක්කු දාල පෙන්නනවා.

    ඒ වගේම, මීට මූලික වෙන බුද්ධ කාලයෙ සිදුවීම "තන්හා, රති, රඟා". මේ තියෙන්නෙ මාර දූවරු කියල ලස්සන කරල නොතේරෙන අයට තේරුම් ගන්න රූප දාල පෙන්වන හිතේ ස්වභාවය. මොකද තමන් ගේමක් ගහල උඩට එද්දි වෙන ප්‍රශ්නයක් තමයි ලෝකෙම අල්ලගන්න හිතට එන හැඟීම්. නැත්තන් දේවල් ලබා ගන්න හිතේ ඇතිවෙන ස්වභාවය. ඒකත් එක්ක සටන් කරන එක තමයි යුද්ධය වෙන්නෙ. ඒ තමයි මාර යුද්ධය. යක්ෂයා වෙන්නෙ.

    මකර උණ - ලොඩ් ඔෆ් ද රින්ග්ස්.



    හැම රටකම මේ කතා තියෙනව මචන්. හැබැයි ඒක ඒ විදියට තේරුම් නොගත්තොත් වෙන ප්‍රශ්න තමයි, මිනිස්සු මොන ප්‍රශ්නෙ ආවත් ඒ මැරිච්ච කෙනෙක් කියල යකෙක් කියල හිතන්න ගන්නව. හිතේ තත්වය කියන දේ තේරුම් ගන්න පොඩිම පුරුද්දක් ඇති කර ගන්නෙ නැතුව ඉන්නව. ඒකයි පොතෙන් එහා බලන්න කියල කියන්නෙ.
     
    • Like
    Reactions: lima20

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,792
    1
    21,275
    113
    35
    Spain
    ආස හැමදේම ලැබුනොත් යන්න හිතෙයිද?
    මන් ආස හැමදේම ලැබිල තියෙනවා බන්, මන් බැඳලා නැතිවාට හැමදේම තියෙනවා. බඳින්නේ නැත්තේ මන් එකට ආස නැති නිසා. පොඩි කාලේ ඉඳල සෑහෙන සුව පහසුවෙන් හිටිය. ඉතින් ආස දේවල් කියල දෙයක් නැහැ. හැබැයි මන් කවදාවත් රට ගිහින් නෑ. ඇවිදින්න යන්න ආසාවක් තියෙනවා. නමුත් මන් හරි කම්මැලි, ගෙදරින් එලියට බහින්න ආස නෑ. ඉතින් තේරෙනවා නේ.
     
    • Like
    Reactions: lima20

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,589
    1,817
    113
    Morally Bankrupt Sri lanka
    මන් ආස හැමදේම ලැබිල තියෙනවා බන්, මන් බැඳලා නැතිවාට හැමදේම තියෙනවා. බඳින්නේ නැත්තේ මන් එකට ආස නැති නිසා. පොඩි කාලේ ඉඳල සෑහෙන සුව පහසුවෙන් හිටිය. ඉතින් ආස දේවල් කියල දෙයක් නැහැ. හැබැයි මන් කවදාවත් රට ගිහින් නෑ. ඇවිදින්න යන්න ආසාවක් තියෙනවා. නමුත් මන් හරි කම්මැලි, ගෙදරින් එලියට බහින්න ආස නෑ. ඉතින් තේරෙනවා නේ.
    50 old virgin ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,792
    1
    21,275
    113
    35
    Spain
    කෙල්ලෙක් එක්ක යාලු වෙලාම නැද්ද crush එකක් වත් තිබිලා නැද්ද
    ක්‍රෂ් තිබිල තියෙනවා බන්, එත් මන් ඉගෙනගත්තේ කොලු පාසලක, කැම්පස් ගියේ නෑ. ඉතින් කෙල්ලෝ එක්ක ආශ්‍රය අඩුයි. ක්‍රෂ් කීපයක් තිබ්බ. එත් නිකම්ම අමතක වෙලා ගියා. දැන් ඒවා ගැන හිතන්නේත් නෑ
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,589
    1,817
    113
    Morally Bankrupt Sri lanka
    ක්‍රෂ් තිබිල තියෙනවා බන්, එත් මන් ඉගෙනගත්තේ කොලු පාසලක, කැම්පස් ගියේ නෑ. ඉතින් කෙල්ලෝ එක්ක ආශ්‍රය අඩුයි. ක්‍රෂ් කීපයක් තිබ්බ. එත් නිකම්ම අමතක වෙලා ගියා. දැන් ඒවා ගැන හිතන්නේත් නෑ
    ඒ කියන්නේ chance එකක් ලැබුනේ නැහැ කියලද කැමැත්ත තිබිලා තියෙනවා කෙල්ලක් එක්ක ඉන්න, ඕක වෙනවා හුගක් අයට සමාජයේ කොහොමත් කෙල්ලොත් කැමති බඩු කාරයෝ කුඩු කාරයේ රස්තියාදු කාරයොන්ට කියනවානේ නැත් නම් කැරියෙක් අල්ල ගෙන නටනවා, උන් හොද එකෙක් දැක්කොත් උගේ හදන්න දෙයක් නැහැ කියලා මග හරිනවා...

    හැබැයි ඉතින් ළමයි එක්ක ඉන්න එකියක් වගේ දැන් පුලුවන් ඒක ඔයා ගේ කැමත්ත.....
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,585
    4,052
    113
    මේ දක්වා ජීවිතේ ආපු ගමන් මග ගැන සතුටුයිද?
    2026ත් ඉවර වෙන්න ලගයි..

    මොකද හිතෙන්නෙ?
    na

    Sathutin marena eka newe problem eka,sowan une nattan marila next second 99% apaye or animals.That’s the danger.buduhamdurwo kivva eka.
    manussayek wunath tiktok karana ganiyek gaawa ipadenna wunoth :-(
    ------ Post added on Nov 13, 2026 at 10:05 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,792
    1
    21,275
    113
    35
    Spain
    ඒ කියන්නේ chance එකක් ලැබුනේ නැහැ කියලද කැමැත්ත තිබිලා තියෙනවා කෙල්ලක් එක්ක ඉන්න, ඕක වෙනවා හුගක් අයට සමාජයේ කොහොමත් කෙල්ලොත් කැමති බඩු කාරයෝ කුඩු කාරයේ රස්තියාදු කාරයොන්ට කියනවානේ නැත් නම් කැරියෙක් අල්ල ගෙන නටනවා, උන් හොද එකෙක් දැක්කොත් උගේ හදන්න දෙයක් නැහැ කියලා මග හරිනවා...

    හැබැයි ඉතින් ළමයි එක්ක ඉන්න එකියක් වගේ දැන් පුලුවන් ඒක ඔයා ගේ කැමත්ත.....
    ඔවු කොල්ල කාලේ ඉතින් කැමැත්ත තිබ්බ, දැන් ඒවා නැති වෙල. දැන් ජීවිතේ සංකීර්ණ කරගන්න කැමති නෑ
     
    • Sad
    Reactions: lima20