කට්ටිය අතරේ අදහසක් තියෙනවා හින්දු පුරාණෝක්තිවල තුන්ලෝකය දිග්විජය කරපු එකම චරිතය රාවණා කියලා.ඒක වැරදියි.ත්‍රිලෝකය අල්ලාගන්නා අසුරයන් කියන්නේ හින්දු පුරාණෝක්තිවල සාමාන්‍ය කාරණාවක්. පුරාණවලට අනුව ප්‍රධාන සුර අසුර යුද්ධ 12ක් සිද්ධවෙලා තියෙනවා.ඒවට ඇතුළත් නොවුණු තව යුද්ධත් තියෙනවා.ඒවා ගොඩක් සිද්ධවෙන්නෙත් අසුරයෝ ත්‍රිලෝකය අල්ලාගැනීම නිසා තමයි.
හිරණ්‍යකසිපු කියන්නෙ තුන්ලෝකයම අල්ලගත්තු කෙනෙක්.ශිවගේ තුන්වෙනි ඇහෙන් ඉපදෙන අන්ධක කියන්නේ තුන්ලෝකයම ජයගන්නෙක්. මහාබලි කියන්නේ තුන්ලෝකයම යටත් කරගත් කෙනෙක්. තාරකාසුරයා ඉපදෙන්නෙම තුන්ලෝකයම ජයගන්න පුතෙක්ව ඉල්ලන වරමක් තෘප්ත වෙලා.ඒනිසා තාරක ඉපදෙනකොට තුන්ලෝකයම සලිතත් වෙනවා. කිසි කෙනෙක්ට තාරකව මරන්න බැරිවෙනකොට ස්කන්ද කුමාරයාව බිහිකරන්න වෙනවා තාරකව මරන්න. පස්සේ ස්කන්ද කුමාරයට තුන්ලෝකයම ආක්‍රමණය කරන සූරපද්ම එක්කත් ගැටෙන්න වෙනවා.
ඒවගේම ත්‍රිලෝක දිග්විජය තාරකගෙන් නවතින්නෑ.තාරකට පුත්තු තුන්දෙනෙක් ඉන්නවා තාරකාක්ෂ,විද්‍යුන්මාලි සහ කමලාක්ෂ කියලා.මුන් තුන්දෙනා එකතුවෙලා තුන්ලෝකය අල්ලලා නගර තුනක් හදනවා තුන්ලෝකයේ පිහිටලා හැම අවුරුදු 1000කට වතාවක් තනි රේඛාවක පිහිටන විදිහට.මේ පුරයන් තුනක් සහිත අසුරයෝ තුන්දෙනා තමයි ත්‍රිපුරාසුර නම් වෙන්නේ.
ඊටපස්සේ තව ගියොත් මහීෂාසුරයා තුන්ලෝකයම බියපත් කරලා කොල්ල කන අසුරයෙක්.නරකාසුරයා තුන්ලෝකයම යටත් කරගන්න අසුරයෙක්.නරකාසුර සංහාරය ක්‍රිෂ්ණා සහ සත්‍යබාමා අතින් වෙන්නේ ද්වාපර යුගයේ.ඒකියන්නේ හින්දු පුරාණෝක්ති කාලරාමුව ගත්තොත් ක්‍රිෂ්ණා ජීවත් වෙන්නේ අවුරුදු 125ක් විතරක් නිසා,මහාභාරත් යුද්ධය හින්දු පුරාණෝක්ති කාලරාමුවේ අන්තිමට වෙන ප්‍රධාන සිද්ධිය නිසාත් අන්තිමටම වගේ තුන්ලෝකය අල්ලන් ඉන්න අසුරයා නරකාසුර කීමේ වරදක් නෑ.
ඔය ලිස්ට් එක තව දිගයි. දැන් ඔය හිරණ්‍යකසිබු ගත්තොත් ඔහු ජීවත්වෙන්නේ සත්‍ය යුගයේ.කසිබුව සංහාරය කරන්න විෂ්ණු දෙවියන්ට එතෙක් මෙතෙක් පහළවුණු උග්‍රම අවතාරය වෙන නරසිම්හාවතාරය ගන්න වෙනවා. නරසිම්හාවතාරය වගෙ එකක් ඉස්සරහ රාවණාලා එහෙම පූස් පැටව්.නරසිංහ ඕනිත් නෑ.හිරණ්‍යකසිපුට සත්‍ය යුගයේ තිබුණු බලය හමුවේ රාවණාව සුලැගිල්ලෙන් ගහලා මරන්න පුලුවන්.
කොහොමත් පුරාණවල විදිහට රාවණා කියන්නේ විෂ්ණුගේ අවසරයත් අරන් විෂ්ණුගේ සතුරා විදිහට යුග තුනක ඉපදෙන ජය නම් දොරටුපාලයාමනේ. ඉතින් සත්‍ය යුගයේ හිරණ්‍යකසිබු වෙන්නේ ජයමයි.හිරණ්‍යකසිබු මියගිහින් තමයි රාවණා විදිහට ඉපදෙන්නේ.රාවණා මියගියාට පස්සේ ඔහු ශිශුපාල නමින් මහාභාරතය වෙන ද්වාපර යුගයේ මනුෂ්‍ය යෙක් විදිහට ඉපදෙනවා.ශිශුපාල මියගියාට පස්සෙ ඔහුගේ විමුක්තිය ලබලා නැවත ජය විදිහට වෛකුන්ටයට යනවා.
දැන් ඔය රාවණා කියන්නේ අවුරුදු 11000ක් බ්‍රහ්මයා වෙනුවෙන් තපස් රකින්නෙක්.කෛලාශය යට අවුරුදු 10000ක් හිරවෙලා ඉන්න කෙනෙක්.අවුරුදු 28800ක් ලංකා දූපතේ රජකරන කෙනෙක්. රාවණා ඉපදිලා තරුණ වියට එලඹුණාම ඒ සමකාලිනව තමයි ඉන්නේ ත්‍රසදස්‍යූ. ත්‍රසදස්‍යූ කියන්නේ රේණුකා දේවිගේ සහෝදරයා.රේණුකා දේවි කියන්නේ විෂ්ණුගේ පරශුරාම අවතාරයේ අම්මා. ඒකියන්නේ රාවණා පරශුරාම්ටත් වඩා වයසයි.රාම ත්‍රේතා යුග අවසානයේ ඉපදෙනකොට රාවණා ඉපදෙන්නේ ත්‍රේතා යුග ආරම්භයේ බවත්,සත්‍ය යුගය මැද බව අදහස් දෙකක් තියෙනවා.
දැන් ඔය මුල් යුගවල හිටපු උදවියගේ බලයන් පස්සේ යුගවල ඉන්න අයට වඩා මහාපරිමාණයෙන් වැඩියි.උදාහරණෙකට හිරණ්‍යකසිබුට රාවණා කියන්නේ නිකන් ඇච්චෙක්. මහාභාරත යුද්ධයට රාවණාගෙ පුතා ඉන්ද්‍රජිත්ව වගේ ගෙනත් බැස්සුවොත් අක්ෂෞහිණි 18ක සේනාවක් උන්නත් ඉන්ද්‍රජිත්ට දවසක්වත් යන්නෑ ඔක්කොම සංහාර කරන්න.
හින්දු පුරාණෝක්ති අනුව ත්‍රේතා යුගයේ මිනිස් ආයුකාලය අවුරුදු 10000යි,ද්වාපර යුගයේ ආයුකාලය 1000යි.යුගයෙන් යුගය මිනිස්සුන්ගේ උසවලුත් වෙනස්. ඔය වගේම අදහස් බෞද්ධ කතාවලත්,ජෛන කතාවලත් තියෙනවා.පෙර යුගවල බුදුවරු,තීර්තංකරයෝ විශාල ශරීර දරන,මහා ආයුකාල දරන්නෝ. ඕකට හේතුව ඔය වෛදික බ්‍රාහ්මණ දේව කතා,බෞද්ධ සහ ජෛන කතා ඔක්කොම ගොඩනැගෙන්නේ එකම සමාජ පසුබිමක.පරිසරයක.පුරාණෝක්ති සංකල්ප එකතුකරගෙන.
ඒ අතින් බලනකොට මේ සංකල්ප ගොඩනඟපු උන් ඉඳලා තියෙන්නේ වෙනම නෙක්ස්ට් ලෙවල් ට්‍රැකක.මන් හිතන්නේ ඉතිහාසෙට අතුරුදහන් වුණු ඔරිජිනල් සෝම පානය තමයි මේකට වගකියන්ටෝනි.
Kavitha