සිංහලේ අතීතය සොයා

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,037
    6,377
    113
    🇬🇧
    කරුණු සොයාගත්ත මූලාශ්‍ර එක්කම ලිවුවනම් ගොඩක් වටිනවා.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,585
    113
    ගෙදර බන් !!
    Maxxa machn.
    Puluwan nam "KUMARI KANDAM" ganath satahanak thiyanna me thread eke.
    Naththam loku aduwak wevi.

    Lost-Continent-of-Kumari-Kandam.jpg
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    2,730
    6,641
    113
    පූර්ව ඓතිහාසික යුගය පටන් ගන්නෙ විජයගේ පැමිනීමත් සමග...නමුත් අපිට ප්‍රාග් ඓතිහාසික යුගයකුත් තිබුනා කියලා අමතක කරන්න හොඳ නෑ.....
    මචං මේක එක එකා ආතල් එකට අරන් තියෙනවනේ. උඹ මෙහෙම කිව්වට රාවණා ගැන කතා කරන ගොඩක් විද්වත් කියන එවුන් අන්තිමේදි කියන්නෙ "මහාවංශය බොරුවක්" කියලා. අනිත් එක 2012 විතර කට්ටියක් පට්ට ආතල් එකක් ගත්තා රාවණා නැගිටිනවා කියලා. මතකද? රාවණා නැගිටිනවා, රාවණා යුගයක් එනවා, රාවණා හදපු උමං මාර්ග කිය කියා උන් ආතල් ගත්තා විතරයි.


    මෙසේ දස්කම් දැක්වූ මහා සම්මත මනු නම් පළමුවෙන යක්ෂ ගෝත්‍රික රජු හෙලදිව පලවෙනි රජතුමා ලෙස විරුදාවලිය ලබලා තියෙනවා...මොහු බු.පු 27657 - 27603 යන කාළ වකවානුවල රජකම් කර ඇත.එ නම් වසර 54 ක් රජ කර ඇති බව මූලාශ්‍ර වල සඳහන් වෙනවා... :yes:
    ********
    මෙම රජතුමා හෙළයේ රජ කළ කාලය කකුසද බුදු රදුන්ගේ කාලය කියලා මූලාශ්‍ර වල සඳහන් වෙනවා.


    කිසිම ගැළපීමක් නෑනෙ. භෞතිකවාදි විදිහට හදපු කතාවක්. මේවා ඇත්ත නම් ත්‍රිපිටක ධර්මය බොරු වෙනවා. මිනිස් ආයුෂ අවුරුදු අසූදාහක් පමණ තිබුණ කාලය ගැන සඳහන් දේශනාව එක්ක ගැළපෙන්නෙ නෑ. කකුසඳ බුදුරජාණන් වහන්සේට පස්සෙ කෝණාගමණ, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාත් වැඩ ඉඳලා තියෙනවා.

    අනිත් එක රාවණා රජු බෞද්ධයෙක් කියලා පෙන්නලා, බෞද්ධයන්ව මේ කතාවට තව නම්ම ගන්නත් කට්ටිය උත්සහ කරනවා.


    අරිසෙන් අහුබුදු ශූරීන් පවසන ආකාරයට මනු රජු තමන්ගේ රාජධානිය විදිහට තෝරාගෙන තියෙන්නේ මන්නාරමයි (මනු+ආ+අරම=මන්නාරම).
    මෙච්චර කාලයක් ඒ නම පැවතුණා කියන එක ප්‍රායෝගික නෑනෙ.

    මේ පිලිබඳව සිංහල බෝධි වංශයේ පැහැදිලිවම සටහන් වෙලා තියෙනවා

    බෝධි වංශයේ සඳහන් හැම දෙයක්ම පිළිගන්නවා නම් කොච්චර දෙයක්ද? ඒත් එහෙම නෙවේනෙ. තමන්ට අවශ්‍ය කොටස පිළිගන්නවා. අනිත් කොටස් බොරුයි කියනවා.


    ;) යක් (ලෝහ කර්මාන්ත කළ අය), ;) රකුස් (ගොවි තැන් කළ අය), ;) නාග (නාවික කටයුතු කළ අය) සහ දේව (අධ්‍යාපන \ ආගමික කටයුතු) වශයෙන් මූලාශ්‍ර වල සඳහන් වෙනවා.
    යක්- යකඩ වැඩ, ර.කුස්- කුස රකින, නා.ග- නාවික ගමන් ගිය.... හිතුමතේට කියන දේවල්. ඇත්තටම ඕවට මූලාශ්‍ර නෑ.




    ලංකා පුර යුගයෙන් පසුව රාජ්‍ය පාලනය නතු වෙන්නෙ දේව රාජධානියට...එහි පාලනය බාර ගන්නෙ සුමන සමන් රජ කියලා මූලාශ්‍ර වල සඳහන් වෙනවා

    *******

    එතකොට කුවේණි සහ සුමන සමන් රජ කියන්නෙ සහෝදරයින් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ... :yes:



    බෞද්ධ සංස්කෘතියට වක්‍රාකාරව පහර දෙන්නෙ මේ විදිහට.




    ඇත්තටම ඒ දවස් වල මහියංගනයේ යක්ෂයින් ( යක්ෂ ගෝත්‍රිකයින් නෙවෙයි / අමනුශ්‍ය ජාතියක් ) පලවා හරින්න තමා වැඩම කරලා තියෙන්නෙ...
    උඹ මේක බොහොම සද්භාවයෙන් ලියලා තියෙන්නෙ. ඒ උනාට ඔය රාවණ ගැන කතා කරන විද්වතුන්ට එහෙම අදහසක් නෑ. බුදුරජාණන්වහන්සේගේ ලංකාගමනය ගැන සඳහන් වෙන්නෙ මහාවංශයේනෙ. ඉතින් මහාවංශය පිළිගන්නෑනෙ මෙයාලා.
    මිරැන්ඩෝ ඔබේසේකර කියලා කෙනෙක් (මං හිතන්නෙ ළඟදි මැරුණා) රාවණා ගැන කතා හද හදා කිව්වා. එයා ඒ කතා දැනගත්තෙ පුසකොළපොතකින් ලු. හැබැයි ඒ පොත කවුරුවත් දැකලා නෑ. එහෙම පොතක් කොහෙවත් තිබිලත් නෑ.
    රාවණා කියලා රජ කෙනෙක් හිටියාද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ ගැන අධ්‍යනය කරන එක වටිනවා. හැබැයි ඔය කතා හදන එවුන් නම් පිස්සො.
    Quote එක ඇතුළෙම ටයිප් කරා ඈ....
     
    Last edited: