https://www.facebook.com/share/1dDtG1XNZ/
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ විවාහය පිටුපස සැඟවුණු ඉතිහාසය
මහනුවර රාජධානියේ අවසන් සිංහල රජු ලෙස සැලකෙන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ රාජ්‍ය සමය (ක්‍රි.ව. 1707–1739) මෙරට ඉතිහාසයේ සුවිශේෂී යුගයකි. ඔහුගේ පෞද්ගලික ජීවිතය, විවාහ සබඳතා සහ දකුණු ඉන්දීය නායක්කර්වරුන් සමඟ පැවති සම්බන්ධතා පසුකාලීනව උඩරට රාජ්‍යයේ සිංහාසන උරුමයට පවා බලපෑවේය.
නරේන්ද්‍රසිංහ රජුගේ බිසවක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ප්‍රමිලා බිසව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඇය මදුරාපුරයේ රාජකුමාරිකාවක බව සාමාන්‍යයෙන් ඉතිහාස කතා තුළ සඳහන් වුවද, ඇයගේ පවුල් පසුබිම පිළිබඳව වෙනත් ඓතිහාසික විමසුවක් කිරීම වටී
පිට්ටිනායක්කර්ගේ දියණිය
ප්‍රමිලා බිසවගේ පියා ලෙස ලන්දේසි වාර්තාවල පිට්ටිනායක්කර් යන නම සඳහන් වේ. එහිදී නරේන්ද්‍රසිංහ රජුගේ දකුණු ඉන්දීය බිසව රාජ වංශයකින් පැවත එන කුමරියකද, නැතහොත් මදුරා රාජ්‍යයේ සාමාන්‍ය පවුලක කාන්තාවකද යන ප්රශ්නය මෙහිදී මතු වේ.
මෙම ප්‍රශ්නයට වැදගත් පිළිතුරක් සපයන්නේ ආචාර්ය ලෝර්නා දේවරාජා විසින් ඉදිරිපත් කර ඇති Matrimonial Alliances between Tamilnad and the Sinhalese Royal Family නම් ඓතිහාසික අධ්‍යයනයයි.
ඇය එහිදී දකුණු ඉන්දියාවේ තිබූ Narrative of the Affairs of Kandidesam නම් දෙමළ ලේඛනයක් පිළිබඳව විස්තර කරයි.
සිංහල රජුට කුමරියක් සරණ පාවා දීමට අකමැතී වූ ඉන්දීය රාජ වංශිකයන්
එම ලේඛනයේ සඳහන් වන කතාවට අනුව, එවකට මදුරා රාජ්‍යයේ නායක්කාර් පාලකයා වූ විජයරංග චොක්කනාථගේ රාජ පවුලෙන් සිංහලයේ අනාගත රජු වන නරේන්ද්‍රසිංහ කුමරුවාට හෙවත් කුණ්ඩසාලේ කුමාරයාට කුමරියක ලබාගැනීමට මහනුවර රාජ්‍යයෙන් දූත පිරිසක් යවා තිබේ. නමුත් එම ඉල්ලීම චොක්කනාථ මදුරා රජු ප්‍රතික්ෂේප කර සිංහල ප්‍රභූන් හට අපහාස කොට ඇත්තේ " කුලහීනයන් හට අවාහ කර දීමට සූර්යවංශික කුමරියන් ඉන්දියාවේ මදුරෙයි වල නැති බව කියමිනි...මින් පෙර කිසිදු ලාංකිකයකු සමග ඔවුන්ගේ පරපුරේ විවාහ සබදතා තිබී නොමැති බවත් එබැවින් එවැනි යෝජනා රැගෙන නොපැමිනෙන බවත් පවසමින් සිංහල ප්‍රභූන්ව පළවා හැර තිබේ...චොක්කනාථ රජු මීට පෙර කිසිදු විවාහ සබදතාවක් තිබී නැති බව පැවසීම ඉතිහාසයේ ගැටලුවක් මතුවන ප්රකාශනයකි
සිංහල ප්‍රභූන් ඉන්දීය වංශවත් රජකුමරියක් නොලබාම ලංකාව බලා යළි නැව් නගින්නට යන බව ඉන්දීය මදුරාපුර රෙදි වෙළෙන්දෙකුට ආරංචි වී තිබේ ..ඔහු පිට්ටිනායක්කර් නම් විය..කලකට ඉහත තරමක් ධනවත් පවුලක් වුවත් මේ කාලය වන විට ඔවුන් දුගී බවට පත්වී තිබුනේ වෙළදාමින් ලාභ ප්‍රයෝජනයක් නොමැතිකමනි
මදුරාවේ වෙළෙන්දෙකුගේ දියණියක් සිංහලේ ඔටුන්න හිමි කුමාරාට යෝජනා වේ
පසුව මදුරා රාජ්‍යයේ චොක්කනාථ ගේ යටත් වැසි රෙදි වෙළෙන්දෙකු වූ පිට්ටිනායක්කර් සිය වැඩිමහල් දියණිය ඉතා රූමත් හා නව යොවුන් බවත් ඇයව සරණ පාවා ගැනීමට සිංහලේ රජ කුමරු කැමති වනු ඇත්දැයි ඉන්දියාව බලා ගිය සිංහල ප්‍රභූන්ගෙන් විමසා ඇති අතර කුමරියක් නොමැතිව ගොසින් රාජ උදහසට ලක්වීමට වඩා එය ඝෝචර යැයි සිතූ සිංහල ප්‍රභූන් එයට කැමති විය.....නමුත් ඉන්දීය සූර්ය රාජ වංශයේ කිසිදු පෙළපතක පිට්ටිනායක්කර් නාමය සදහන් නොවීමෙන් ඔවුන් සූර්ය වංශික රාජ උරුමය ඇති රජ පෙළපත්ධාරීන් නොවන බව පැහැදිලි වේ
පිට්ටිනායක්කර් සිය පවුල පිටින් ලංකාවට පැමිණේ
සිය බිරිඳ වූ අභිරාම් , දියණිය සහ බිරිඳගේ සහෝදරයා සමඟ පිට්ටිනායක්කර් ලංකාවට පැමිණි බවත් මහත් පෙරහැර හරසරින් ඔවුන් පිලිගත් බවත් ලන්දේසි වාර්තා වල සඳහන් වේ.
මෙය උඩරට රාජ්‍යයට අපහාස කිරීමට හා සිංහල රජුට අපහාසයක් ලෙස ගෙතූ කතාවක් බව පිරිසක් පෙන්වා දුන්නද පිට්ටිනායක්කර් සිය පවුල සමග ලංකාව බලා පැමිණි ලන්දේසි නැවේ නාවික වාර්තා අධ්‍යයනය කරන විට එය සත්‍යයක් බව වැටහේ
මෙම විස්තරය අනුව ඇය මදුරාපුර සූර්ය රාජ වංශයේ උරුමක්කාරියක නොවූ බවට සැලකිය හැකි සාක්ෂියක් ඉදිරිපත් වේ
ඉතිහාස මූලාශ්‍ර අතර ඇති පරස්පරතාව
කෙසේ වෙතත්, මෙහිදී එක් පාර්ශ්වයක සාක්ෂියක් පමණක් පිළිගෙන අවසන් තීරණයකට පැමිණීම සුදුසු නොවේ
සිංහල පැරණි මූලාශ්‍රවලින් දකුණු ඉන්දීය ප්‍රමිලා බිසව රාජකීය උපතක් සහිත කාන්තාවක ලෙස හඳුන්වන අතර, ලිපියේ ඉහත සඳහන් කල දෙමළ ලේඛනය ඔවුන්ගේ පවුල් පසුබිම පිළිබඳ වෙනස් කතාවක් ඉදිරිපත් කරයි
ආචාර්ය ලෝර්නා දේවරාජා පෙන්වා දෙන්නේ එම දෙමළ ලේඛනයේ කතුවරයා කවුරුන්ද යන්න සහ එය රචනා කිරීමේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි නොවන බැවින් එහි සියලු කරුණු අවිවාදයෙන් පිළිගත නොහැකි බවයි
එබැවින් ප්‍රමිලා බිසව මදුරාවේදී නියම රාජකුමාරිකාවක් නොවූ බව නිශ්චිතවම ප්‍රකාශ කිරීම වෙනුවට, ඇයගේ රාජකීය උපත සහ ඉන්දියාවේ ඇය ශුද්ධ සූර්ය කුල රාජ කුමරියකද යන්න පිළිබඳව සැකයක් මතු කරන පිලිගත හැකි සාධාරණ ඓතිහාසික සාක්ෂි පවතින බව පැවසීම පමණක් කල හැකිය
බිසවකගේ පවුල් සබඳතාවකින් වෙනස් වූ උඩරට සිංහාසනය
මෙම විවාහ සබඳතාවේ දේශපාලන වැදගත්කම තේරුම් ගැනීමට නරේන්ද්‍රසිංහ රජුගේ අභාවයෙන් පසු ඇති වූ තත්ත්වය ද සැලකිල්ලට ගත යුතුය
ක්‍රි.ව. 1739දී නරේන්ද්‍රසිංහ රජු මියගිය අවස්ථාවේ සිංහාසනයට හිමිකම් කියන සුදුසු පිරිමි උරුමකරුවකු සිටියේ නැත. එම පසුබිම තුළ රජුගේ ප්‍රධාන බිසව වූ ප්‍රමිලාගේ සහෝදරයා වූ ශ්‍රී විජය රාජසිංහට උඩරට සිංහාසනය හිමි විය..විජය රාජසිංහ උපන්නේ පිට්ටිනායක්කර් සහ පසුව අභිරාම් දේවී යැයි හැදුන්නූ ඔහුගේ බිරිද ප්‍රමිලා දියණියගේ විවාහයට ලංකාවට ආ පසුවය ...අභිරාම් ගැබ් ගන්නේ ප්‍රමිලා බිසවුන් ලංකාවට ආ පසුවය
ඒ අනුව නායක්කර් වංශික පාලනයේ ආරම්භය සිදුවිය. නරේන්ද්‍රසිංහ රජුගේ විවාහ සබඳතාව හරහා මහනුවර රාජ සභාවට සමීප වූ දකුණු ඉන්දීය පවුලක් පසුකාලීනව උඩරට රාජ්‍යයේ සිංහාසනයට උරුමකම් කීම සහ එයින් පාරිශුද්ධ සිංහල රජ පරපුර අවසාන වීම මෙහි ඇති සුවිශේෂී ඓතිහාසික හා දේශපාලනමය සිදුවීමයි.
අවසාන වශයෙන්...
ඉතිහාසය යනු පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන කතාවලින් පමණක් ගොඩනැඟෙන දෙයක් නොවේ. එය ලේඛන, විදේශීය වාර්තා, ශිලා ලේඛන සහ සමකාලීන සාක්ෂි එකිනෙක සසඳා විමර්ශනය කිරීමෙන් ගොඩනැඟිය යුතු විෂයයකි
ප්‍රමිලා බිසවගේ උපත පිළිබඳව ද එවැනිම විමර්ශනයක් අවශ්‍යය. ඇය මදුරා රාජකුමාරිකාවක වූවාද, නැතහොත් මදුරා රාජ්‍යයේ සාමාන්‍ය වැසියකුගේ දියණියක වූවාද යන්න තවදුරටත් ඓතිහාසික සාකච්ඡාවට විවෘත කරුණකි.
එහෙත් ඇයගේ පවුල් පසුබිම සහ එම විවාහය හරහා උඩරට රාජ්‍යයේ සිංහාසන උරුමයට ඇති වූ බලපෑම පිළිබඳව විමසා බැලීම ශ්‍රී ලංකා ඉතිහාසයේ අමතක කළ නොහැකි අංගයකි.
ඉතිහාසය කියවමු. සාක්ෂි විමසමු. සැඟවුණු අතීතය සොයා යමු
https://www.facebook.com/share/1dDtG1XNZt/වැඩිදුර ලිපි කියවන්න කැමති අයට
නවෝද්‍යා පතිරණ
(කතෘ අයිතිය සුරකින්න )
නෙතුකවුළු
| ඓතිහාසික ලේඛනාගාරය