හැම නිලියම නරක නැහැනෙ. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. එයාගෙ ක්ෂේත්රය අනුව එයා හොඳින් හිටියත් කටකතා වගේ ඒව හැදෙන්න පුළුවන්. අනිත් එක තමයි රඟපාද්දි එයාට සමහර දර්ශනවලට පෙනී සිටින්න වෙනවනෙ පිරිමි කට්ටිය එක්ක. ඒ වගේ ඒව තේරුම් ගැනීමේ හැකියාව ආදරය කරන කොල්ලට තියෙන්න ඕන. එහෙම තියෙනවනම් ගැටලුවක් නෑ. සාමාන්‍යයෙන් ආදරයෙදි ජෙලස් වෙනවනෙ. එහෙම ගොඩක් ජෙලස් වෙන්න පුළුවන් කෙනෙක්නම් නිලියක් එක්ක යාලු නොවෙන එක තමයි හොඳ.