අයියෝ... ඒක මම නරක හිතකින් කිව්වෙ නෑ..
ඒක බොහොම ප්රසිද්ධ ජනකවියක්.. ටිටී කියන කෑල්ල අඟට දැම්මා..
තවලම්කාරයො ඉස්සර අම්බලම් වල නැවතිලා ඉන්නකොට ඔය කවි කියන්නෙ.. ඕවට සමහර අය කියනවා අම්බලම් කවි කියලත්..
මේ තියෙන්නෙ මම කලින් දාපු කවිය.. නගෝ කියන එකට ටිටී කියන එක දැම්මා.. වැරදි දේකට නෙමේ.. ෆන් එකට.. මම දන්නවා ඔයා ජෝක් දන්නවා කියලා.. මේ කවිය අම්බලමක නැවතිලා හිටපු කෙනෙක් පාර ගියපු ගෑණු කෙනෙක් දැකලා කියල තියෙන්නෙ..
අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ
වසාගෙන දෙතන අතකින් කිමද නගෝ
සැමියෙක් නැතිව උඹ තනිමඟ කිමද නගෝ
අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ
හැබැයි මේ කවිය ඇහිච්ච අර ගෑණු කෙනාට පල පැන්නලු හම්බානෙකට.. ඒකට මේ විදියට රිටන් කවියක් දුන්නලු..
අල්ලාගෙන නෙරිය මඩ තුවැරෙන හින්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නං අයියණ්ඩි ගම රට දුර හින්දා