ebay.com අඩවිය හරහා මිළදීගැනීම් 950කට අධික සංඛයාවක් සිදුවන අතර මින් ගණුදෙනු 180කට අධික සංඛයාවක් ජංගම දුරකථන හරහා සිදුවේ.
ඩොලර් 216,000ක ගෙවීම් අඩවිය හරහා සිදුවන අතර මින් ඩොලර් 10,000ක ගණුදෙනු ජංගම දුරකථන හරහා සිදුවේ.
ෆාර්ම් විල් ක්‍රීඩාවේ අක්කර 1100ක් මිනිත්තුවක් තුලදී වගාකෙරෙන බව පැවසේ.
මිනිත්තුවක් තුල බ්ලැක්බෙරි ස්මාර්ට්ෆෝන 103ක්ද අයිෆෝන් 925ක්, අයිපෑඩ් 81ක්, xbox 360 11ක්, කින්ඩල් ෆයර් ටැබ්ලට් 18ක්ද මිළදී ගැනේ.
තත්පරක් තුල Instant Messaging (IM) සේවාවන් හරහා සංවාද මිලියන 11ක් සිදුවේ
මෙම තත්පර 60තුලම USB උපාංග 4000ක් InkJet හා Laser ප්‍රින්ටර් සඳහා යොදන 2500ක්ද විකිණේ. එමන්ම ඊ-අපද්‍රව්‍ය (e-waste) එනම් පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපාංග ඉවතදැමීමෙන් හටගන්න අපද්‍රව්‍ය ටොන් 38ක් ලොව කුණු කන්දට එක්වේ.
මේ සියල්ල සිදුවන තත්පර 60 තුලම ගූගල් සමාගමේ ලාභාලාබ ගිණුමට ඩොලර් 75,000ක් ආදායම ලෙස එකතුවේ.