මෙහෙමනෙ බං, මට කවුරුහරි UNP ද PA ද කියන එක එච්චර වැදගත් නෑ. මොකද මගේ හොඳම යාලුවො SFට වැඩ කරා. චන්දය දැම්මා. ඉතින් මම SF ජනාධිපති වෙනවට කැමතිනෑ කියල උන් එක්ක තරහ වෙලා හරි යන්නේ නෑනේ?
හුඟක් උන්ට උන්ගේ අපේක්ෂකය මොන ගොබ්බ කතාව කිව්වත්, ඒක රත්තරං කතාවක්. ඇත්තටම යටි හිතෙන් උන් බනිනව ඇති. ඒත් පේන්න කියන්නෙ නෑ. අනිත් එකා මොන හොඳ වැඩේ කරත් ඒක හොර මගඩි වැඩක්.
මමනම් ඔය රූපවාහිනී, සිරස, ස්වර්ණවාහිනී ඔක්කොම බලනව. ඒත් බලන්නෙ එක එකා කඩේ යන්නෙ කාටද කියන එකත් ඔලුවේ තියාගෙන. ඉතින් සමබර දෙයක් දකින්න ඕනනම් ස්වර්ණවාහිනී තමයි. අනික ඔය රූපවාහිනී වගේ රාජ්‍ය මාධ්‍ය කොහොමටත් කඩේයන්නේ ඒ ඒ කාලවල පවතින රජයන්ට තමයි. ඒක UNP කාලෙත් එහෙමයි. සිරසනම් පැහැදිලිවම කඩේන්නේ විරුද්ධ පක්ෂයට.