එය තාත්තාගේ ඇඟේම තිබීමත්, මං නිදාගෙන ඇහැරෙනවිට එය ඇද පල්ලේ තිබීමත් සරමටම ආවෙනික වූ විසේස ලක්සනයයි.... විසේසයෙන්ම සරම ඔලුවෙන් ගෙන ඇදීමත්, කකුල් දෙක දමා ඇදීමත් යන දෙයාකාරයටම සිදු කල හැකිවීම පුදුමයට ලක්විය යුතු කරුනකි.... එකල චන්ඩියාද ඇන්දෙ සරමය.. සටනකදී බිමට නොනැමී කකුල උස්සා සරමේ යට පොට උඩට ගැනීමෙ විසේස දස්සතාවය චන්ඩියා පුරුදු පුහුනුකල යුතු ගුණාංගයකි... මානව සරීරයේ කටක් සහ දත්පෙලක් පිහිටීමට ප්රධාන හේතුව වී ඇත්තේද සරමයි..