දෙමලව සම්පූර්ණයෙන් මරලා දාපං කියන සිංහලයෝ ඉන්නවා වගේම, දෙමල අපිට වෙනම රටක් ඕනි කියලා කියන දෙමලුත් ඉන්නවා. එහෙම බලාපොරොත්තු උන්ට දීලා උන්ගේ ඡන්ද ටික ගන්න හදන කාලකණ්ණි දෙමල නායකයොත් ඉන්නවා. ඉතින් ඒ පස්සේ යන දෙමළු ඉන්න එක අහන්න දෙයක් නෙවෙයි නේ. ලෝකෙම තමන්ටම කියලා රටක් නැති එකම ජාතිය හැටියට උන් අකමැති වෙයියෑ වෙනම රටක් දෙනවා කිව්වම. ඒත් ඔය කාලකණ්ණි නායකයොන්ට ඕනි හැමදාම සාමාන්‍ය ජනතාව ගොනාට අන්දන්න විතරයි.
යුද්ධෙන් පස්සේ මහින්ද කරෙත් ඒක. බොරු ජාතිමමකත්වයක් මවාගෙන ජාතිවාදී ප්‍රශ්න ඉස්මතු කරලා ඒවා ඔඩු දුවන්න චාන්ස් එක හදලා දුන්නා. ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මා කියපු මහින්දම කියනවා, ඊළමේ ඡන්ද වලින් මෛත්‍රී දිනුවලු, ආයේ කොටි නැගිටිනවලු.
දැන් මෛත්‍රී ඇතුලු UNP නඩේ කරන්නෙත් ඊට නොදෙවෙනි වැඩක්. දෙමළ ඡන්ද ටිකට පෙරේතකමේ ඊනියා සහජීවනයක් මවන්න හදනවා.