නගරයෙන්ම විවාහ උන පුතාට අම්මට වඩා බිරිදට ජිවිතයේ ප්රකමුඛතාවය දෙන්න වෙනවා. එහෙත් තම බිරිද තමාට වංචාකර ක්රරමයෙන් තමාගෙන් ඈත් වෙනවා. හරියට යෝධ ඇලේ බැම්ම වගේ කිසි කෙනෙකුට නොතේරෙන්න ජලය පහලට ගලා බසිනවා වගේ (ලංකාවේ වාරි ඉතිහාසයේ විශිෂ්ඨ නිර්මාණයක් යෝධ ඇල. එය විශාල වුවත් ජලය ගලා බැසිම ඉතා සියුම් ). කොහොම හරි දැන් බිරිද හැර ගියාම දැනෙන විරහ වේදනාවත් ජිවිතයේ එපා වුණු ස්වාභාවයත් නිසා හිතට දැනෙන දුක තුනි කරගන්න මේ ලෝකේ කෙනෙක් ඉන්නවා නම් ආයෙත් ඔහුට මුණ ගැසුණු චරිතය වෙන්නේ තමන්ගේම අම්මා. එහෙත් දැනටමත් ඔහු ප්රිමාද වැඩියි අම්මා ළගට යන්න ආස වුනත් අම්මා ලෝකය හැර ගිහිං. ඒ ශෝකය ගීතය තුල ප්ර තිරාව දෙනවා වගේ හැගිමක් දැනෙනවා. මම එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ......................... එහෙත් ඔබ සියුම්ව මෙම ගීතය තුලට තවත් ලං වුනොත් දකින්න පුළුවන් එකම ගීතය තුල ගැහැණියකගේ ජිවිතය විවධ අවස්ථාවන් මව ලෙසින් ශ්රේෂ්ඨත්වයටත්, චපල බිරිදක් ලෙස නිගාවටත් පත් කරන අයුරු. ගීතයේ නිර්මාණය නම් විශිෂ්ඨයි