හරි මිගාර ගැන දැන් දන්නවා නේ. මෙයාගෙ මේ ලව් ස්ටෝරිය ගැනත් ටිකක් කතා කරමු. ඔන්න ඉස්සර වාසනා බේකරියේ වැඩ කරන කාලේ මෙයා සුපුරුදු පරිදි පරන යකඩ ලංකට් එක ඇදලා (ලොකු බාස් උන්නැහේ අරන් දීලා තියෙන්නේ, මොකද එයා කැමති නෑ එයාගේ ලිදෙන් අහල පහල මිනිස්සු වතුර ගන්නවට ) ලුමාලා බයිසිකල් කටුවේ නැගලා පාන් පෙට්ටියත් අරන් යනවා. එහෙම යන අතරේ එයා ලස්සන නංගි කෙනෙක් බැල්කනියකට වෙලා බෙඩ් ටී එක බොනවා දකිනවා. ඒ නංගිගේ නම සචී. රෝස පාට නයිට් ගවුමක් ඇදලා ඉන්න සචිගේ කිතුල් රෑනක් වගේ කොණ්ඩේ උදේ මද සුලගට ලෙලදෙනවා. සමනල්ලු සචියගේ මූන වටේ කැරකෙනවා. මීමැස්සෝ සචියගේ මී වදේ පැනි බොන්න හෙන ගේමක් දෙනවා.සචීගේ සුදුපාට සීනි බනිස් වලටත් වඩා සුමුදු බනිස්, කිඹුලා බනිස් වලට වඩා ලස්සන, රසවත් කකුල් දැක්කම මිගාර ආදරයෙන් උමතු වෙනවා. බයිසිකල් කටුව පදින ගමන් මිගාර ජෝතිපාලගේ ආදර ගීත මුමුනනවා. තනියම හිනාවෙනවා. ඊට පස්සේ ආයෙත් හිනාවෙනවා. බයිසිකලය හයියෙන් පදිනවා, හිමින් පදිනවා. බයිසිකලේ උස්සන් නටනවා. කඩවල් වලට දාන්න යන බනිස් මිරිකනවා. කිබුලා බනිස් ලෙවකනවා. හරි ජංජාලයයි.