“ජාතීන් අතර සමානාත්මතාවක් ගැන, ආගමික සංහිඳියාවක් ගැන කාලාන්තරයක් තිස්සේ කතා කරමින් සිටින අපට යානි අවබෝධ කරවන තවත් යථාර්ථයක් ඇත. තමා අයත් කණ්ඩායම ක්‍රියාකරන අන්දම පමණක් නිවැරදි යැයි සිතන ප්‍රවනතාවක් අප රට තුළ සෑම කලකම,සෑම ක්‍ෂේත්‍රයකම බලපැවැත්විණි. දේශපාලනය තුළද, කලාව තුළද මෙම මොනොමේනියාව බලවත්ය...