යානි_සහ_අපි

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ලක්බිමේ ගියපු ආටිකල් එකකින් ගනිපු එකක්.... FB එකේ තිබ්බෙ... මාර ටෝක්ස් ටිකක්....:rofl::rofl::rofl::rofl::rofl:

    13182862154_437f987046.jpg


    “යානි මෙහි එන්නේ මාර වෙලාවකය. මෙහි මාර යනු විශිෂ්ට හා අනර්ඝ යන අරුතෙන්ද මරණීය සහ විනාශකාරී යන අරුතෙන්ද ගත හැක.
    කේමදාස මිය ගොසිනි.ජෝතිපාලද මිය ගොසිනි.එසේම සරත් දසනායක ද ජීවතුන් අතර නැත.මේ තිදෙනාම මෙරට සංගීත සංස්කෘතියෙහි බල කණුය.අමරදේවයන් දැන් වියපත්ය.රූකාන්තට රට හැර යන්න සිදුවිය.
    අවසානයේ නන්දා මාලනී වික්ටර් රත්නායක ද කැටුව සිරස වේදිකාවට ගොඩවූවාය.විශාරද එඩ්වඩ් ජයකොඩි ජැක්සන් ද සමග රණවිරු රියල් ස්ටාර් වේදිකාවේය.විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන සමිතා ද සමග සුපර් ස්ටාර් වේදිකාවේය.
    විශාරද රශ්මි සංගීතාල කීර්ති පැස්කුවල් සමග ලිට්ල් ස්ටාර් වේදිකාවේය.දිවුල්ගනේ නිදහස් කලා සන්ධානය නමින් තැනුණු දේශපාලන වේදිකාවට සහ එතැනින් දේශපාලනයට ද ගොඩවූයෝය.
    රෝහණ වීරසිංහ ශ්‍රී ලංකාවේ සංගීතය පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකි. යානි එන්නේ මෙබඳු ලංකාවකටය.
    අනුන්ගේ ගී ගයන සුපිරි තරු අහස් යානාවලින් ගෙන්වා රතු පළස් මතින් කැඳවා ඉහළක ඔසවා තබන මෙරට වෙළෙඳ නාලිකා යළි වික්ටර් නන්දා දෙසටම හැරෙති.
    යථාර්ථය අප වටහා ගත යුතුය. මර බියෙන් විදේශගත වූ රූකාන්තගෙන් හිස් වූ තැනට ආ තරුණ ගායක රැල්ල මරු විකල්ලෙන් කෑගසන හඬ නූතන සංගීතය බවට පත්වීමේ ඛේදවාචකය අප දැකිය යුතුය. යානි අපට අනුබල සපයනුයේ එවැන්නකටය. යානි මහා බලගතු සංගීතඥයකු වනුයේ අප රටඒ තරමටම කුඩා වී ඇති නිසාය.
    ජෝතිපාල හෝ ඇන්ජලින්ගේ ගීත පුනරුච්චාරණය කරන සුපිරි තරු සහ ඔවුන්ව උඩ දමන විශාරද අවස්ථාවාදීන්ගෙන් යැපෙන වෙළෙඳ මාධ්‍ය සංස්කෘතියකට කේමදාසලා ජීවත් කරවීම වැදගත් නැත. යානිලා එන්නේ එම හිඩැසටය. එදා නන්දා මාලනීගේ 'පවන’ ගීතාවලියෙන් හඬ ගා කී සමාජ ඛේදවාචකයට සාපේක්ෂව අද සමාජය සුඛිත මුදිතද?
    මෑතකදී අතිගරු ජනාධිපතිතුමා අප රටේ කලාකරුවන් මුණගැසුණු අවස්ථාවකදී එක් ප්‍රවීණ, විශාරද ගායිකාවක සිය පරම සිහිනය ලෙස දක්වා ඇත්තේ තම දරුවාට එතුමාගෙන් හාද්දක් ලබාගැනීමය.එතුමාණෝ එම සිහිනය ඉෂ්ට කළහ.මනෝවිද්‍යා උපාධිධාරියෙකු මෙන්ම ග්‍රීසියේ පිහිනුම් ශූරයකු ද වන හැට හැවිරිදි යානි එන්නේ එබඳු වූ දූපතකටය.”
    (අජිත් ගලප්පත්ති - ඉරිදා ලක්බිම - 2014-04-20)


    full article link: http://www.lakbima.lk/oldpapers/daliylakbima/2014/April/last_20_04_14/manjusawa.pdf
     

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    ඕක ලියපු එකාට ෂෝ එක බලන්න සල්ලී තියෙන්න නැතුව ඇති ...ඒ හින්ද හොදටම රිදිලා ඕක ලියන්නඇති ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං.. යානිගෙ ශෝ නම් මං බලලා තියෙනවා.. පට්ට සුපිරියි.. ලංකාවෙ එක්කෙනෙකුත් වයලීන් ගහනවා..
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    මොනව වුනත්... කියල තියෙන්නෙ ඇත්ත තත්වයයි. :angry:

    ලංකාවේ සංගීතය හා විශිෂ්ඨ යැයි කියන නිර්මාණ දැන් තියෙන්නෙ වාණිජ වෙළඳාම මත. පුම්බල තියන මැජික් එකක් තත්වෙට නිර්මාණශීලිත්වය පත්වෙලා තියෙන්නෙ. :(

    අවාසනාවකට කේමදාස ශූරීන්ගේ දක්ෂතාවය මේ ලංකාව ඇතුළට විතරක් කොටු වුණා. නමුත් අතිවිශිෂ්ඨ සංගීතඥ නිර්මාණකරුවෙක් වන කේමදාසට පස්සෙ orchestra සංගීත ක්‍රමය හෝ අඩුම තරමේ ඒ තත්වයටවත් එන්න කෙනෙක් දැන් නැහැ. :(

    යානී ගේ නිර්මාණ මුළු ලේකයම සතුටින් වැලඳගන්නකොට....
    ලෝකයා අල්පමාත්‍රයක් හෝ නොදැන කේමදාසගේ නිර්මාණ ලංකාවට විතරක් ඉතුරු වී ඔහු අපෙන් සමුගෙන යන්නට ද ගිහින්... :(

    Indiana Jones 2 චිත්‍රපටියේ ගොඩක් දසුන් ලංකාවේ ඒවා. ලෝකය පුරාම ජනප්‍රිය චිත්‍රපටියක්. නමුත් ඒ නිර්මාණය ලංකාවේ කෙනෙක්ගේ නෙවෙයි. ලංකාවේ නිර්මාණකරුවෙක් ඒ මනරම් දසුන්ම අරගෙන චිත්‍රපටියක් කලත් ලෝකය පුරා කීයෙන් කී දෙනෙක් ද ඒ ගැන දන්නෙ.? :no:

    ඇයි මෙහෙම වෙන්නෙ...?? :baffled:

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යානි කියන්නෙ විශිෂ්ඨයෙක් තමා, යානිගේ ගිටාරිස්ට් අපේ එකෙක් තමා....
    ඒත් සිරාවටම යානි මෙහි ආවේ මාරම වෙලාවකය... තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා :dull:

    අපේ උන් මැරීගන ගිහින් ඕව බලන්නෙ. ඉම්පෝටඩ් සංගීතය.
    අපේ උන් මැරීගන සුපර්ස්ටාර් බලන්නෙ. උස්සපු සංගීතය.

    හැබැයි අපේ නියම කලාකරුවො බලන්න කව්රුත් නැති නිසා සල්ලි කීයක් හරි හම්බ කරලා දෙන්න කව්රුවත් නැති නිසා නොකළ යුතු දේවල් පවා අද කරන තත්වෙට වැටිලා. කාලකන්නියි අපි කාලකන්නියි අපි.:(

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ithing banzz yanni ge group eke Bass guitarist lankawe ipaduna porakne inne.
    ගිටාර් ප්ලේ කරන කෙනා නේද මචං..:) මට මතක වයලීන් ප්ලේ කරන කෙනා කියලා.. ටජ් මහල් ගහපු ශෝ එක සුපිරියි.. මං ගාව තිබුණා තව ශෝස් දෙක තුනක්ම යානිගෙ.. අහන් ඉන්න ආසයි බං.. පිස්සු හැදෙනවා..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යාළුවා;16569617 said:
    යානි කියන්නෙ විශිෂ්ඨයෙක් තමා, යානිගේ ගිටාරිස්ට් අපේ එකෙක් තමා....
    ඒත් සිරාවටම යානි මෙහි ආවේ මාරම වෙලාවකය... තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා
    :dull:

    අපේ උන් මැරීගන ගිහින් ඕව බලන්නෙ. ඉම්පෝටඩ් සංගීතය.
    අපේ උන් මැරීගන සුපර්ස්ටාර් බලන්නෙ. උස්සපු සංගීතය.

    හැබැයි අපේ නියම කලාකරුවො බලන්න කව්රුත් නැති නිසා සල්ලි කීයක් හරි හම්බ කරලා දෙන්න කව්රුවත් නැති නිසා නොකළ යුතු දේවල් පවා අද කරන තත්වෙට වැටිලා. කාලකන්නියි අපි කාලකන්නියි අපි.:(

    :(:(:(:(
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    යානි තම සංගීතයේ අරමුණ මිනිසාගේ හැඟීම් ස්පර්ශ කිරීම බව පවසයි. සංකීර්ණ හා තර්කානුකූල ප්‍රකාශනයකට නොව තමා කැමති මිනිසුන්ගේ හදවතට සමීප වීමට බව ඔහු කියා ඇත. යානිගේ සංගීතය හෘදය සංවේදී ප්‍රකාශනයකි. එය අපගේ අප්‍රමාණ චිත්ත පීඩාව සමග ගැළපෙයි. ඔහුට අපගේ සිත වැටහීම පුදුමයකි. විවිධත්වය තුළ නැගෙන එකඟතාවය යනු එයයි. යානිගේ කී බෝඩ් වාදනය සමග මුසුවන ආර්මේනියානු ජාතික සැමුවෙල් යෙර්වින්යන්ගේ වයලීනයෙන් නැගෙන නාදය එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක් එකිනෙක යා කරයි.”
    (අජිත් ගලප්පත්ති - ඉරිදා ලක්බිම - 2014-04-20)
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    “ජාතීන් අතර සමානාත්මතාවක් ගැන, ආගමික සංහිඳියාවක් ගැන කාලාන්තරයක් තිස්සේ කතා කරමින් සිටින අපට යානි අවබෝධ කරවන තවත් යථාර්ථයක් ඇත. තමා අයත් කණ්ඩායම ක්‍රියාකරන අන්දම පමණක් නිවැරදි යැයි සිතන ප්‍රවනතාවක් අප රට තුළ සෑම කලකම,සෑම ක්‍ෂේත්‍රයකම බලපැවැත්විණි. දේශපාලනය තුළද, කලාව තුළද මෙම මොනොමේනියාව බලවත්ය. අමරදේවත් ජෝතිපාලත් දෙපසට වෙන් කෙරුණේ මෙම තාප්පයෙනි. කේමදාසත් සරත් දසනායකත් දෙපසට හැරුණේ මෙම ඒකාධිකාරය බිඳ හෙළන්නට නොහැකිවය. වර්තමානයේ නළු නිළි හා පූජ්‍යපක්ෂය දේශපාලන පක්ෂ අභිබවා දේශපාලනය කරනුයේ මෙම තත්ත්වය තුළය. ශ්‍රී ලංකාවේ සංගීත සංස්කෘතිය අඩපණ කළ මෙම රෝගයට යානි යෝජනා කරන පිළියමක් ඇත.”
    (අජිත් ගලප්පත්ති - ඉරිදා ලක්බිම - 2014-04-20)
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    “යානිගේ සංගීතයෙහි පදනමම වන්නේ විවිධත්වයයි. යානිගේ සංගීත නිර්මාණ සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් වාදන හා ගායන ශිල්පීන් විවිධාකාර ලෙස ඒකරාශී කරනු දක්නට ලැබේ. බොහෝ විට යානි තම වාද්‍ය වෘන්දය තුළ මෙහෙයවන්නකු හෝ බලයලත් නායකයකු නොවී හුදු විඳින්නෙකු බවට පත්වී අනෙකාගේ මැවීමටම ඉඩදෙයි. අනෙකාට ඉඩදී පසෙකට වීල නිහඬව තමා නොවන අන් අයකුගේ විස්මිත හැකියාව දෙස සිත පිනා යන භක්තියෙන් බලා සිටින්නා සැබෑ නිර්මාණකරුවෙකි. සැබෑ මිනිසෙකි. තමාගේ වටිනාකම් ගැන වුවමනාවටත් වඩා සිතන දුක්ඛිත මිනිසකුට එවන් නිර්මාණකරුවකු විය නොහැකිය. යානි පහදන එම දහම අතිශය වැදගත්ය. ඔහුගේ සංගීත නිමැවුම් තුළ කේමදාසත්, හර්ෂ මාකලන්ද සහ සරත් දසනායකත් ජෝතිපාල, අමරදේව සහ රූකාන්තත් විටෙක ලයනල් රන්වල හා ලක්ෂ්මන් ජෝශප් ද සේරම් වැන්නකුත් සංයෝජනය වී තිබෙනුයේ ඒකමිතිය හා ඒකත්වය අභිබවා යමිනි.”
    (අජිත් ගලප්පත්ති - ඉරිදා ලක්බිම - 2014-04-20)
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    යානි මහා බලගතු සංගීතඥයකු වනුයේ අප රට ඒ තරමටම කුඩා වී ඇති නිසාය.


    :nerd::nerd::nerd:
     
    Last edited:

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    “යානිගේ සංගීතය තුළ ඇත්තේ එකිනෙක නොපෑහෙන අන්ත හිතුවක්කාරී ලෙස ඒකරාශී කිරීමෙන් නැගෙන එකඟත්වයකි. විවිධත්වය තුළින් නැගෙන එකඟත්වය යනු සංගීතය, කලා සහ දේශපාලනය ද අභිබවා ගොස් ජනවිඥානය සමග සම්බන්ධ වූවකි. විවිධත්වය සමග බැඳීල පීඩාවට පත්ව සිටින අපි නිරන්තරවම ඒකත්වයක්ඉල්ලා සිටිමු. යානිගේ සංගීතය තුළ පවත්නා මෙම මූලික පදනම යනු පෙරදිග අප චින්තනයේ අපේක්ෂාවයි. හිඩැසයි. ග්‍රීසියේ සිට ලෝකය හරහා සංචාරය කරන අතරතුර ඔහු ලංකාවට ගොඩ බසිනුයේ මෙබඳු වූ පීඩිත හා නොස්ටැල්ජික අපව පිනවීමටය. ලංකාව යනු නොපෑහෙන අන්තවල එකතුවකි.”
    (අජිත් ගලප්පත්ති - ඉරිදා ලක්බිම - 2014-04-20)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Yani athulu team ekema inne patta talent ekak thiyana set ekak ban. Monawa unath unge e hakiyawa api agaya karanna one ban.
     

    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    ane magula..
    Lankaawe inne maha kuhaka heththak.....
    hema magulatama mokak hari kiyala porawal wenna dangalana napunsakayo godak inne.

    Yanni kiyanne me loke kalaathurakin pahala wuna kenek. Lankawe nemei ona rataka minissu kemathie eyage music walata. Mona magulatada Kemadasatai, Amaradewatai samaana karagena dangalanne..

    Lankawe minissu pin karala thiyenawa Yanni show ekak live balanna.
    Echcharai, wena magulak ne