core two duo එකක් තිබුනා, වීඩියෝ එඩිට් වලට පාවිච්චි කලේ. මගේ ආච්චි නැතිවෙලා මල ගෙදර තිබුන කාලේ පීසී එක තිබුන කාමරේ වහලා තිබුනේ. තිබුන කලබල අතරේ ගෙදර කෙනෙක් කාමරේ ඇරලා ආයෙත් වහනකොට ලොක් කරලා නෑ.. මල ගෙදර වැඩ ඉවර වෙලා මැසිම ඔන් කරලා වැඩ කරන්නත් පටන්ගත්තා, පට්ටම ස්ලෝ වෙනවා වීඩියෝ එකක් ඕපන් කරන්නත්...