1. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    සුද්දන්ගෙන් බලෙන් අරන් රන් කාසී....... රුවල් ඔරුවෙ කරපු සටන් නෑ ලේසී........ ෆ්‍රීසි එක්ක ෆිට් උනොතින් නම් වාසී....... ඔන්න 5ක් දැම්මා උඹටත් ජැක් සී......
  2. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    පැණියෙක් වගෙයි උඹෙ නම් කල් කිරියාව....... කෙල්ලෙක් දුටු සැණින් සිත තුළ පිරියාව....... නොහඩන් මචන් නැතුවට උඹෙ සිරියාව.......... ළඟදිම වෙනව ඇය මගෙ ප්‍රිය භර්යාව.......... :lol::lol:
  3. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    සොදුරු ලොවට මල් වහිනා වෙලාවේ........ විකසිත පෙම් පොකුරු පියුම් සිනාවේ....... ටොපික් එකක් හිඟනා මේ තුළාවේ....... "පරණ සිංදු" සබයට කවි කළාවේ.........
  4. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    දත කට මැදල ප්ලේන්ටියක් ගසාලා...... පට පට විලස පත්තරයත් බලාලා..... සිව් පද ගොන්න දිගහරින්න සිතාලා..... ආවෙමි ඔන්න ගුඩ් මෝර්නින් බුවාලා..... :D:D
  5. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    සුපිරි ත්‍රෙඩ් එකේ කවි පද මාර ගතී...... කොල්ලො කිව්වෙ ආතල් කවි බීල පෙතී...... පතමි බෙඩ් එකේ සුව දැන් මාර හතී..... ෆ්‍රීසි ගිහින් එනවා හෙට සමග නිකී.... Budusaranayi set ekatama machanla........ jayawewa heta set wemu...... Gn8
  6. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    යන්න පහළ වෙල් යායට සමග පැටී....... කන්න ළුනු සම්බෝලත් පිට්ටු රොටී...... අන්න බලන් හැළ ගෙම්බෙක් පාන දිටී...... බින්න කන්න ආවෝතින් දෙන්නෙ ගුටී.......
  7. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    මේ වෙනකන් නම් මම නොකිව්වෙමි චූටි කවී... කොච්චර try කරත් මට නම් කවි කියනු බැරි... අවෙමි බලන්නට someone special for me... වෙන කවුරුත් නොව ෆ්‍රීසිය මගේ හනී....... :*<3
  8. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    පැණියෙක් විලස වක්කෙරුවත් පැණි හැළිය..... පලයක් වේද කවි කිව්වත් දා විරිය........ දුටුවොත් උඹේ රැලි වුණු මුහුණත් බලිය....... නරියොත් දුවයි ආපස්සට දා ගුළිය.....
  9. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    ත්‍රෙඩයේ සිටි සමහර ලොකු නිල මැස්සන්...... වැදුණේ කැලෑවට හනිකට දොර අස්සෙන්....... ඇසුණේ මහත් කලබලයකි ගස් අස්සෙන්....... හැමුවේ දරුණු සුවදකි සස්ලිගෙ පස්සෙන්........
  10. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    කෙල්ලෙක් දකින තුරු නැත සිත ඉවසිල්ලා..... මල්ලක් හලයි පැණි සමගින් සෙම කොහොලා..... විල්ලක් තරම් ඇග පත නැති ඇහැටුල්ලා...... කෙල්ලෙක් සොයයි උඩ පනිමින් කැහි බෙල්ලා.........
  11. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    මලක් කඩන්නට මම ගිය වෙලාවේ........ සස්ලි ගිහින් එළි බහින්න කැලෑවේ........ පදුරු අස්සෙ නොම පල වැහි තුළාවේ........ කූඩැල්ලන් එල්ලෙයි උඹෙ නළාවේ........ :P:P
  12. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    ගත වට රැන්දු ඇදුමින් රුව දිලුනාට....... පිට පිට නැගෙන සිනහව මන බැන්දාට...... පට පට ගාලා පුපුරණ විට නැන්දාට...... දුවනට වෙන්නෙ කොර ගහ ගහ පෙන්දාට.......
  13. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    තරහ ගන්නෙ මොකටද මං වදුරු කොටෝ..... පුංචි ආතලක් ගත්තම දාල බටෝ....... ත්‍රෙඩය යන්නෙ හනි හනිකට වාගෙ ඔටෝ...... ගන්න හිතයි කට්ටියගේ රියල් ෆොටෝ.........
  14. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    ඌරෙක් කියා මඩ ගැහුවට බොරු චණ්ඩි....... පාරක් ගානෙ හිඟනවනේ මේ නොණ්ඩි....... ආලප් යොදා රස කෙරුවිට කවි පංති...... මේ උගුඩුවන් බෙරිහං දෙයි බී මංඩි.........
  15. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    අඩු කඩන්න මාගේ උඹ හිතුව මදි...... මුඩු කරනව තෝගේ හිස නැතුව පිහි...... කුඩු කාරයන් වාගේ මා නැතුව වළි...... කවි සී පදෙන් බෝසේ රස එවමි මෙහි........
  16. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    රන්ජන් පෙන්නුවත් ඇඟ පත රිදී තිරේ...... පුස්සන් හට හොදයි ඒවා බෙලෙක්කඩේ....... දිස්නෙන් ගුනෙන් බැබළෙයි මං විජේ වගේ..... ඉස්සෙක් තරම් නොවටී උඹ මූදුකරේ.......
  17. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    කොරහේ ඔබන්නට හැදුවත් රෝස පුතා....... මලසේ හිදින්නෙමි නොතැලී පදුර වටා..... කවියේ රස නොදත් හැළි ගෙඹි වදුරු කොටා..... වළසෙක් සමග පොර බදනට හැකිද බොටා......
  18. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    පිහියක් එවන්නට කළියෙන් කවිය අතේ...... පඩයක් එවන්නෙමි හපනට බූරු පුතේ......... මිණියක් කරන්නට හැදුවත් මාව මතේ....... අඹයක් කපන්නට වත් තොට හැකිද පුතේ.....
  19. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    ගේමක් දෙන්න ආවෝතින් එහෙන් මෙහෙන්........ මීමෙක් වගේ පානෙමි රඟ සැරෙන් වැරෙන්....... හීයක් වගේ නූනෝතින් වැනුම නුඹෙන්.......... මීයෙක් වගේ ඉන්නට වෙයි බයෙන් සැකෙන්......... :lol::lol:
  20. Freezii

    << සුපිරි කවි ට්කක් >>

    කම්මැලිකමට එළ කිරියට ගොඩ බැස්සේ... දැක්කනෙ "සුපිරි" ත්‍රෙඩයක් පල් ත්‍රෙඩ අස්සේ...... කියනට ගොසින් හැඩතල ගැහැනුන් පස්සේ.... අමරෙට පනින්නට සිදුවුණි ගල්කිස්සේ....... :D:D

    No contents