ඒ ගීයෙ අයිතිය ඉල්ලලා මට නඩු කියන්නට හිතෙනŠ
ඔබ වයන සත්සර ස්වර මතින්
දුක සුසර වී මට දැනෙනවා
ඔබ ගයන තනුවේ අමතකව ගිය
පුරුදු කවියක් ඇහෙනවා...
ඔබෙ හීන් ඇහිපිය ගැහෙනවා
ඇය හාදු ගොන්නක් එවනවා
ඒ ගීයෙ අයිතිය ඉල්ලලා මට
නඩු කියන්නට හිතෙනවා...
ප්‍රේමයට සහසක් අරුත් ඇති
මාවතක් ලොව කොහේ හරි ඇති...