පැති තුන
‘ඕනෑම ප්‍රශ්නයක පැති තුනක් තියෙනවා. අන්න ඒක හොඳට මතක තියාගන්ඩ අනෝමා.’ තම බිරිඳ සමඟ බහින් බස් වූ නිහාල් අන්තිමේදී අවධාරණය කොට කීවේය.
’මොකක්ද ඔය තුන් පැත්ත?’ අනෝමා කට ඇද කොට ඇසුවේ අවඥාවෙනි.
’එකක් ඔයාගෙ පැත්ත. අනික ඔයගොල්ලන්ගෙ අම්මගෙ පැත්ත. තුන්වැනි එක හරි පැත්ත.’ නිහාල් කීවේය.
පළවැනි...