පැති තුන
‘ඕනෑම ප්‍රශ්නයක පැති තුනක් තියෙනවා. අන්න ඒක හොඳට මතක තියාගන්ඩ අනෝමා.’ තම බිරිඳ සමඟ බහින් බස් වූ නිහාල් අන්තිමේදී අවධාරණය කොට කීවේය.
’මොකක්ද ඔය තුන් පැත්ත?’ අනෝමා කට ඇද කොට ඇසුවේ අවඥාවෙනි.
’එකක් ඔයාගෙ පැත්ත. අනික ඔයගොල්ලන්ගෙ අම්මගෙ පැත්ත. තුන්වැනි එක හරි පැත්ත.’ නිහාල් කීවේය.
පළවැනි එක
ශල්‍යකර්මයට පෙර සිහි නැති කිරීමට මොහොතකට කලින් රෝගියාගේ මුහුණ බැලූ වෛද්‍යවරයා සිනාසෙමින් මෙසේ ඇසීය.
’මොකද මේ? පොඩි ළමයෙක් වගේ හොඳටම බයවෙලා?’
’මේ මගෙ පළවැනි ඔපරේෂන් එක, දොස්තර මහත්තයා’ රෝගියා කීවේ බිඳුණු හ¼ඩිනි.
’ඉතින් මොකෝ! මේ මගෙත් පළවැනි ඔපරේෂන් එකනෙ’ දොස්තර පිළිතුරු දුන්නේය.
සෙකට්‍රි
ඉතාලියේ රැකියාව කරන ලක්ෂ්මන් නිවාඩුවකට ලංකාවට ආවේ සිංහල අලුත් අවුරුද්ද එළැඹෙන්නට ළංව තිබියදීය.
අවුරුදු දිනවල තම සහෝදර සහෝදරියන් බලන්නට නෑගම් යන ගමන් පැරැණි මිතුරකු වූ ලාල් හමුවන අදහසින් ලකී, ලාල්ගේ නිවෙසට ගොඩවිය.
’කෝ ලාල් නැද්ද ගෙදර?’ පුළුල් සිනාවකින් තමා පිළිගත් ලාල් ගේ බිරිඳ මාලිගෙන් ලකී විමසුවේය.
’නෑ, අද එයා වැඩ. දැන් එයා ජනවසමේ සෙකට්රිනෙ? මාලි කීවේ උජාරුවෙනි.
අ.පො.ස. (සා.පෙළ) පන්තියේ දීම තම ඉගෙනීම කඩාකප්පල් කරගත් ලාල් රාජ්‍ය ආයතනයක ලේකම් තනතුරකට පත්වුයේ කෙසේදැයි වික්ෂිප්ත වූ ලකී ‘සෙකට්‍රි’ යයි ප්රතිරාවය කළේ විස්මයෙනි.
’ඔව්, අර තියෙන්නෙ තොප්පිය’ මාලි සාලයේ ඇණයක එල්ලා තිබූ හිස් වැසුමකට අත දිගු කරමින් කීවාය.
ආ... මේ සිකියුරිටි’ ලකී කීවේ පිපිරෙන්නට ආ සිනාව අසීරුවෙන් මැඬ ගනිමිනි.
ඉගෙනගෙන උගැන්වීම
අබේනායකට තම පැරණි මිතුරකු වූ සමරකෝන් අවන්හලකදී හමුවූයේ අහම්බෙනි. බොහෝ කලකින් මුණගැසුණු පැරණි මිතුරාගේ සුරත තදින් මිරිකූ සමරකෝන් මෙසේ ඇසීය.
’අබේ, දැන් උඹ මොකද කරන්නෙ?’
’මම දැන් පන්තියක් දාලා ළමයින්ට ඉංග්‍රීසි උගන්නනවා’ අබේනායක සිනාසෙමින් කීවේ තරමක ආඩම්බරයකිනි.
’ආ ඇත්තද? කොහොමද පන්තිය සාර්ථක ද?’ සමරකෝන් තවත් ප්‍රශ්නයක් නැඟීය.
’ඔව්, සතියේ සඳුදා ඉඳලා සිකුරාදා වෙනකම් ම පන්ති. ඉරිදට විතරයි මම නිවාඩුවක් ගන්නෙ’ අබේනායක කීවේය.
’ඇයි එතකොට සෙනසුරාදා?’ සමරකෝන් සතියේ ඉතිරි දිනය මතක් කරමින් ඇසීය.
’සෙනසුරාදට ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ මම පන්තියකට යනවනෙ’ අබේනායක පිළිතුරු දුන්නේය.

thibune meke

Last edited: