ඕක හදල මැට්ටෙන්ම කපාරුව ගහපන්. ඊට පස්සෙ හුණු ගාපන්. එතකොට සර්පයොන්ට එහෙම නගින්න අමාරුයි. කෘමි හානිත් තරමක් දුරට අඩු වෙනව. ඇතුලටත් ගැහුවොත් අඳුරු ගතිය අඩු වෙනව. නැත්තං මැටි ගෙවල්වල කොච්චර ලයිට් දැම්මත් අඳුරු ගතියක් තියෙනව. වහලෙට රට උළු දාපන්. ලී සිවිලිමකුත් ගැහුවොත් වහලෙන් මොකෙක්වත් වැටෙන...