නුඹ මට දුන්න ජීවිතය
අරණක හිද සංසුන්ව
භාවනා කලා වෙගේ මගේ හිත
ඒ තරම්ම සැනසිලා නුඹ නිසාම
මගේ ජීවිතේට නුඹ ආදා ඉදන්ම..
දඩබ්බර මගේ හිත ඉස්සර තිබුන
අද කොහේද නොදනිමි මමම
නුඹ ඇවිදින් එක්තැන් කර මගෙ හිත
සැනසුව ජීවිතය නුඹටමයි උරුම..
අරමුණක් නැතිව ගෙවුන කාලය
කොතරම් අමිහිරිද දැනෙන්නේ අද මට...