දිනෙක, කෙන්යාවේ ණය භරිත නගරයක වූ එක ම හෝටලයට සංචාරකයෙක් පැමිණිණි. මේසය මත ඩොලර් 100යේ නෝට්ටුවක් තැබූ හෙතෙම කාමර පරීක්ෂා කිරීම සඳහා ගියේ ය.
ඩොලර් 100යේ නෝට්ටුව ගත් හෝටලයේ හිමිකරු පිටතට දිවැ ගියේ මස් කඩකරුට වූ ණය ගෙවා-දැමීමට යි. ඌරු කොටුකරුවාට ඇති ණය ගෙවීමට මස් කඩකරු දිවැ ගියේ ය. ඌරු කොටුකරු...