නමඳිමු ඒ මුනි ගුණ මත්තේ…
බුදු ගුණ භාවනාව
1. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ, සියළු රාග, ද්වේශ, මෝහ දුරු කල සේක. සියළු අකුසල ධර්මයන් ප්‍රහානය කල සේක. සියළු කුසල ධර්මයන් උපදවා ගත් සේක. සියළු කෙළෙසුන් කරෙන් නිදහස් වී වදාළ සේක. රහසින්වත් පව් නොකල සේක. සියළු පාපයන්ගෙන් මිදුන සේක. සියලු ලෝ...