ආදරය යනු...

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ආදරය යනු...
    හදවත් අතර සිදුවන හැඟීම් හුවමාරුවකි



    lovefa.jpg

    ආදරය යනු අවබෝධයත් සමඟ ඇරැඹෙන උත්තරීතර හැඟීම් හුවමාරු වීමකි. ආදරය හවුල් ව්‍යාපාරයක්‌ ලෙස ද අප හඳුන්වන්නේ මේ හැඟීම් හුවමාරුව නිසයි. දෙදෙනෙක්‌ එක්‌ව අරඹන මේ ආදර සම්බන්ධතා වලදී දෙදෙනා සිතන පතන ආකාරයත් වෙනස්‌ වන නිසාම හැඟීම් සමග සිදුවන මේ ආදරණීය ගනුදෙනුවේ දී ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නන් ආදරවන්තියන්ට සිදුවනවා. දෙදෙනකු අතර ආදරණීය බැඳීම් ගොඩනැගුණු විට ඒ ඒ අයගේ හැසිරීම්, සිතුම් පැතුම් හුරුපුරුදු ආදියත් ආදර සම්බන්ධතා පවත්වා ගෙන යැම කෙරෙහි බලපානවා. ආදරය කරන කාලයේ දී බොහෝa පෙම්වතුන් පෙම්වතියන් තම ආදරවන්තයා හෝ ආදරවන්තියගෙන් සියයට සියයක්‌ ආදරය බලාපොරොත්තු වුවත් මෙවැනි නොගැලපීම් නිසා ඒ ආදරය නොලැබෙන්නටත් පුලුවන්. "සිsහින සිතින්ය" තුළින් අද කතා කරන්නේ ආදරයට බලපාන එවැනි පුද්ගල ලක්‍ෂණ කිහිපයක්‌ පිළිබඳවයි.

    ආදරණීය වදන් ආදරය පෝෂණය කරනවා

    ආදරයේ දී දෙදෙනාගේ චරිත ලක්‍ෂණ අතරින් කතා බහ කරන විලාසය ආදරයට වැඩි බලපෑමක්‌ කරනවා. ආදරණීය බැඳීම් තව තවත් ශක්‌තිමත් වන්නත් ආදරය පෝෂණය වන්නත් මිහිරි වචන, ප්‍රියමනාප කතා බහ හරිම වැදගත්. ආදරණීය බැඳීම් වඩාත් ශක්‌තිමත් වන්නේ සුන්දර වදන් දෙදෙනා අතර හුවමාරු වීමත් සමගයි. නමුත් සමහරු ස්‌වභාවයෙන්ම හිත රිදෙන ආකාරයට ඉතා සැරපරුෂ ලෙස කතා කරන්න පුරුදු වී සිටිනවා. ඒ ඔහු ඇය හැදුණු වැඩුණු පරිසරය අනුව විය හැකියි. නමුත් එවැනි කතා විලාසයන් නිසා ආදරවන්තියගේ හෝ ආදරවන්තයාගේ සිත රිදෙන්නට ද පුලුවන්. ඒ බව ඔහුට/ ඇයට නොවැටහේ. ආදරයේදී පෙම්වත්/ පෙම්වතිය බලාපොරොත්තු වන්නේ හිතට සමීප වන ආදර වදන් මිස හිත රිදවන තර්ජනාත්මක වදන් නොවේ. ආදරය කරන පෙම්වතුන්ගේ කතා බහ කරන විලාසය තුළ ආදරණීය බවත්. ලෙන්ගතු බවක්‌ තිබීම අත්‍යවශ්‍යයි. එවැනි වදන් ආදර බැඳීම් තව තවත් පෝෂණය කරනවා. සවිමත් කරනවා.

    ආදරයේදී හැමවිටම වැරැදි දකින්න එපා

    තම පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන් සියයට සියයක්‌ම ආදරය බලාපොරොත්තු වනවා නම් හැම විටම වැරැදි අඩුපාඩු සොයන්න යන්න එපා. අපි කිසිවකුට සියයට සියයක්‌ අංග සම්පූර්ණ ආදරවන්තයන් වීමට නොහැකි වූත් සියයට සියයක්‌ම අංග සම්පූර්ණ පෙම්වතුන් වීම සුදුසු නොවේ. බොහොමයක්‌ ආදරවන්තයන් ස්‌aවභාවයෙන්ම තමන්ගේ වැරැදි අඩුපාඩු පෙන්වා දුන් විට පිළිගන්නවා පමණක්‌ නොව එවැනි වැරැදි සකස්‌ කර ගැනීමට උත්සාහ ගන්නවා. බොහෝ පෙම්වතුන් තම පෙම්වතියගේ වැරැදි, අඩුපාඩු, නොමනා හැසිරීම් පිළිබඳ දොaෂාරෝපණ එල්ල කරමින් ඇයව විවේචනයට ලක්‌ කරනවා. පමණක්‌ නොව ඇයව ලැඡ්ජාවට පවා ලක්‌කරනවා. බොහෝ පෙම්වතියන් ද තම පෙම්වතා පිළිබඳ එවන් දොaෂාරෝපණ ඉදිරිපත් කරන්නට පුරුදු වී සිටිනවා. එවන් දොaෂාරෝපණයන් තුළ දෙදෙනා තුළ ආදරයක්‌ ගොඩ නැගෙන්නේ නැත. ඒ වෙනුවට දෙදෙනාම දකින්නේ වැරැදි අඩුපාඩු පමණයි. ඇය/ ඔහු තුළ වැරැදි තිබෙන්නට පුළුවන්. එය බොහොම සාමාන්‍ය දෙයක්‌ විය හැකියි. එවැනි අවස්‌ථාවල එය ආදරයෙන් වටහා දී දෙදෙනාගේ ආදරය තව තවත් සුන්දර කරගන්නට උත්සාහ ගන්නවා මිස වැරැදි හොයමින් කාලයත් තමනුත් වෙහෙසට පත් කිරීම සුදුසු නොවේ. ඔබේ පෙම්වතා පෙම්වතිය තුළත් මෙවැනි ලක්‍ෂණ තිබෙනවා නම් ඔහු / ඇය එවැනි තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමට කටයුතු කිරීම ඔබේ වගකීමක්‌ මෙන්ම යුතුකමකි. ආදරයේ නාමයෙන් ඔවුන් කරන වැරැදි අනුමත කරනවාට වඩා ආදරයෙන් වැරැදි චරිත ලක්‍ෂණ වටහා දෙන්න ආදරයෙන් එවැනි වැරැදි පැහැදිලි කරදී ඔවුන් වරදින් මුදවා ගන්න නම් ඔබ සැබෑම ආදරවන්තයෙක්‌ විය යුතුයි.

    සියයට සියයක්‌ම ආදරය බලාපොරොත්තු වෙනවාද?

    අප අතර ජීවත් වන බොහොමයක්‌ ආදරවන්තයන් සර්ව සම්පූර්ණ වූ සුන්දර ආදරයක්‌ හැම විටම බලාපොරොත්තු වෙනවා. දෙදෙනාගේම අදහස්‌, සිතුම් පැතුම් හරියටම ගැලපෙන්න ඕන කියලත් හිතනවා. නමුත් ආදරයේ යථාර්ථය එය නොවේ. තමන් බලාපොරොත්තු වන දේ ඔහුගෙන් හෝ ඇයගෙන් නොලැබුqණොත් ආදරයේ දී නිතර නිතර විරසක වීම් අඩදබර වීම් ඇතිවෙනවා. ඒ අය අසාධාරණ ලෙස ඕනවට වඩා කේන්ති ගන්නවා. මත ගැටුම් ඇති කරගන්නවා. ආදරයේ දී හැමවිටම තමන්ට අවශ්‍ය පරිදි අනික්‌කෙනා අබන්න යන්න එපා. ඒ තුළ මතගැටුම් සිත් රිදවීම ඇතිවනවා. ඔබේ


    සිත බලාපොරොත්තු වන පරිද්දෙන් සියයට සියයක්‌ම අනිත් කෙනාගෙන් ආදරය බලාපොරොත්තු වෙන්න එපා. හිමි වූ ආදරය අවබෝධයෙන් තව තවත් ශක්‌තිමත් බැඳීමක්‌ බවට පරිවර්තනය කරගන්න. උත්සාහ ගන්න එවිට ඔබේ සිත බලාපොරොත්තු වන සියයට සියයක්‌ම ආදරය ඔබට හිමිවනු ඇත.


    අනුකම්පාව කියන්නේ ආදරය නොවේ

    ආදරය වෙනුවට නිතර නිතර අනුකම්පාව බලාපොරොත්තු වීම ආදරවන්තයන් තුළ පවතින ඉතාම දුර්වල චරිත ලක්‍ෂණයක්‌. ඇතැම් පෙම්වතුන් හා පෙම්වතියන් තුළ මෙම ලක්‍ෂණය ඕනෑවටත් වඩා තියෙනවා. ඔවුන් හැමවිටම තමන් දුකෙන් සිටින බව ඇඟවීමට නිතර උත්සාහ කරනවා. එවැනි පෙම්වතුන්ගෙන් ලැබෙන්නේ ආදරයට වඩා අනුකම්පාවයි. අනුකම්පාව යනු ආදරය හඳුන්වන තවත් අර්ථකතනයක්‌ නොවෙයි. මෙවැනි පෙම්වතුන් ලැබෙන ආදරයට වඩා අනුකම්පාව අගය කරනවා. මෙවන් ආදරවන්තියන් කොයිතරම් ආදරයෙන් සිටියත් සතුටට පත්වන්නේ නැහැ. ඔවුන් සතුටට පත්වන්නේ ආදරයෙන් නොව තවත් අයකුගෙන් අනුකම්පාවක්‌ ලැබුණොත් පමණි. තම පෙම්වතා/ පෙම්වතියටත් මෙවැනි ගති ලක්‍ෂණ තිබෙනවා නම් ඔහුගේ ඇයගේ හිතේ ආදරය පිළිබඳ විශ්වාසයක්‌ ගොඩනැගෙන ලෙස හිතේ ආත්ම ශක්‌තිය ඇති කිරීමට පෙම්වතුන් වගබලා ගත යුතුයි.



    මනෝවිද්‍යා උපදේශක
    සරත් අමරබන්දු

    සටහන-ශාලිකා තිලක්‍ෂණී

    http://www.divaina.com/2012/07/29/meewitha05.html
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැදගත් ලිපිය මචං..
    (මනෝවිද්‍යා උපදේශක සරත් අමරබන්දු) මේ මහත්තයා ගොඩක් පත්තර වලට ලියනවා.. හැම ලිපියම වගේ පට්ට බං.. විකාර නෑ.. කෙටියෙන් පැහැදිලිව කියනවා..
    ජය!

     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Good post :) :yes:

    නියම පොස්ට් එක කොලුවෝ.........


    Amazing Post bro.... Thx for sharing with us..... Keep up the good stuff alws....


    වැදගත් ලිපිය මචං..
    (මනෝවිද්‍යා උපදේශක සරත් අමරබන්දු) මේ මහත්තයා ගොඩක් පත්තර වලට ලියනවා.. හැම ලිපියම වගේ පට්ට බං.. විකාර නෑ.. කෙටියෙන් පැහැදිලිව කියනවා..
    ජය!



    Ow Hemootama Watina Adahas Tikak.. Thanks.. Rep+7

    Tnx Machanla
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ආලය සිගමනකි නොසිගන අය සිගන
    ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන
    ආලය මහා දුකකි නොතැවෙන අය තැවෙන
    කාලය ගෙවනු මෑන සොයුරනි සිතට ගෙන..!!!!!!
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ආලය සිගමනකි නොසිගන අය සිගන
    ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන
    ආලය මහා දුකකි නොතැවෙන අය තැවෙන
    කාලය ගෙවනු මෑන සොයුරනි සිතට ගෙන..!!!!!!

    :yes::yes: