නා නා වණ්ණ මහා තේජෝ -
ඔදාත භය වාහනෝ
ග්රාම සඤ්චාරකෝ දේවෝ -
ඉදං පුංඤනු මෝදතු
සියලු දුක් දුරලන
දෙව් තෙද බලය සසොබන
විහිදුවන අපමණ ඛ
සූනියන් දෙවි මෙපින් ගනු මැන
දා වෙමින් නුවර පඬුවස් නිරිඳුන්ට
තේජසින් තුරඟ වාහන වැඩ ඉන්ට
මා තුටින් කියන දෙය ඉටුකර දෙන්ට
සූනියන් දේවතාවෙනි මේ පිං ගන්ට