මානව ශිෂ්ණයේ අස්ථියක් පිහිටා නැත්තේ ඇයි?
සත්ත්ව පරිණාමයේ දී විශාල වෙනසකට බඳුන් වූ අංගයක් ලෙස 'ශිෂ්ණ අස්ථිය' සලකන්නට පිළිවන්. මෙය සත්ත්වයෙකුගේ ප්‍රධාන අස්ථි පද්ධතියට සම්බන්ධ නොවූ එකක් වන අතර ශිෂ්ණයේ අග කොටසට වන්නට පිහිටා තිබෙනවා. සත්ත්ව විශේෂයෙන් විශේෂයට මෙහි දිග, ප්‍රමාණය, හා හැඩය වෙනස් වන...