1. ttj

    Kandy un warew

    අද උදේ තමයි ගොහාගොඩ තෙක්කවත්තේ තියන intake pump house එකේ එක pump එකක් දුවන්න පටන් ගත්තේ... ටික ටික ලයින් ප්‍රේශර් වෙලා වතුර එන්න පටන් ගනියි... Distribition line damage නැත්නම් ගොඩක් තැන් වලට Kandy city සහ kandy north වලට රෑ වෙද්දී වතුර එයි... ගැටඹේ plant එකත් යට වෙලා තාම ඒක දුවන්න පටන් අරන් නෑ...
  2. ttj

    "එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

    අඩෝ මට බස් එක මිස් වෙලා... ඊළග පාර ටිකක් වෙලා තියලා පටන් ගමු... මේක ඇත්ත... නුවර ටවුන් එකටත් පක් වෙලා තියෙන්නේ... දුර පැති ගැන කවර කතාද... කොළඹ තරම් ස්වේච්ඡා වැඩ වෙනවත් අඩුයි... ------ Post added on 1764678916
  3. ttj

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    @Walter White මචං උබ අර පොත් බෙදන සීන් එකක් කරනවා නේද? ඒ වගේ වැඩක් කරමු... දැන් කන්න බොන්න දෙන්න මිනිස්සු ඉන්නවා තාම සිද්ධියේ රස්නේ තියන හින්දා... හැබැයි තව සති දෙකක් තුනක් යද්දි මේ ගැම්ම ටිකක් අඩු වෙයි... කාටවත් වැරැද්දක් කියන්න බෑ... හැමෝටම කරේ තියාගෙන යන්න තන්ටම කියලා බරකුත් තියනවනේ... කොහේ...
  4. ttj

    පේරාදෙණිය අවට තත්ත්වය කොහොමද?

    පුළුවන්... එක ලේන් එකක් ඇරලා තියෙන්නේ... තාම පස් වැටෙනවා හිටපු ගමන් ගලගෙදර දිගටම... හැබැයි ගොඩක් වෙලා වැහිලා තියෙන්නේ නෑ... RDA එක ක්ලියර් කරනවා ඉක්මනට... බෝඩිමේ ඉන්නවා නම් කෑම කචල් තමයි... මාළිගාවෙන් කෑම දෙනවා හොස්ටල් වලට... බෝඩිං වලට ඒව යන්නේ නෑ නේ...
  5. ttj

    පේරාදෙණිය අවට තත්ත්වය කොහොමද?

    වතුරනම් බැහැලා ගිහින් තියෙන්නේ... දැන් අවුලක් නෑ... Electricity එහෙම දැන් තමයි restore කරගෙන යන්නේ... Mobile වැඩකරන්න පටන් ගයි power ආපු ගමන්...
  6. ttj

    Critical flood warning

    තව වැඩිවෙයි බං... කලින් දැකලා නැති ලෙවෙල් එකේ disaster එකක්... සුනාමි වගේ...
  7. ttj

    Critical flood warning

    Critical flood නේ...
  8. ttj

    පේරාදෙණිය අවට තත්ත්වය කොහොමද?

    මම පුද්ගලිකවම දන්නවා පේරාදෙණිය හොස්ටල් වල හිටපු ළමයින්ට අද උදේ ඉදලා කෑම තියනවා... බය වෙන්න එපා...
  9. ttj

    අපිටත් හෙට වෙනකොට හරි.

    එල පරිස්සමෙන් හිටපං මචෝ...
  10. ttj

    Critical flood warning

    මොකද වෙන්නේ එතකොට?
  11. ttj

    අපිටත් හෙට වෙනකොට හරි.

    මචං උඩ තට්ටුව තියනවා ඒකට යනවා කියාල ඉන්න එපා... යන්න පුළුවන් වෙලාවේ safe තැනකට පලයන්... දැන් දවස් 4 එකදිගට හයියෙන් වහිනවා මෙහේ රටේ උඩට... විනාඩි පහක් වැස්ස නෑවතෙන්නේ නෑ... පින්න නෙවෙයි ගලලා යන්න වහිනවා... මේ වතුර පල්ලෙහට එද්දී කලිං කවදාවත් දැක්කේ නැති ගංවතුරක් වෙයි... ඒ හින්දා ඊසී ගන්නේ නැතිව...
  12. ttj

    පේරාදෙණිය අවට තත්ත්වය කොහොමද?

    ඇවිල්ලා වැඩක් නෑ මචං... ආවොත් වෙන්නේ උබලත් මඟ හිර වෙලා කරදයට වැටෙන එක... බය වෙන්න එපා... කැම්පස් එකේ නම් අවුලක් වෙන්නේ නෑ... කන්න බොන්න උනත් හම්බෙයි... ඊයේ රෑ තමයි නුවරට අමාරුම වේලාව තිබ්බේ... ෆෝසස් වලට වත් යන්න එන්න බැරි ලෙවෙල් එකක්... දැන් ටිකක් ශෙප්...
  13. ttj

    Critical flood warning

    පේරාදෙණිය යට වෙද්දී නෝමල් ලෙවල් එකට වඩා අඩි 50 වගේ වතුර මට්ටම උඩට ඇවිල්ලා යට උනේ... ගැටඹේ බෝධියටත් වතුර දැම්මා... මීට කලින් සුද්දොන්ගේ කාලේද කොහේදෝ ආපු ගං වතුරට යට නොවී බේරුන හින්දා තමයි මිනිස්සු ගැටඹේ බෝධියට වැන්දේ මෙච්චර කල්... මේ පාර ඒ ලෙවෙල් එකත් පන්නල වතුර ආවා... කැලණිය කොළඹ ඉන්න මිට්ටො...
  14. ttj

    කොළඹ මිට්ටනි, වතුර පොඩ්ඩක් එද්දිම අයින් වෙන්න.... කැළණි ගග පිටාර මට්ටමේ..

    මිට්ටෝ ඊසී ගන්න එපා, කලින් පාර උඩ තට්ටුව ගිහිල්ලා බේරුණා, වහලෙට නැගලා බේරුණා, අරකයි මේකයි කියලා... මේ පාර නම් පුතේ වෙනම ලෙවෙල් එකකින් එන්නේ... බඩු මඟ එනවා පාතයොන්ට... පොඩිම හරි රිස්ක් එකක් තියනවා නම් දැන්ම safe තැනකට පලයල්ලා...
  15. ttj

    ගුපියනි උඹලා හොදින්ද? ‼️

    මට නම් අවුලක් උනේ නෑ මචංලා... වැස්ස අඩු වේගෙන යනවා... කැලණිය, ගම්පහ පැත්තේ ගංවතුර එන තැන් වල උන් නම් පුළුවන් තරම් safe තැන් වලට යමල්ලා... කලින් අවුරුදු වල වගේ නෙවෙයි මේක... හිතා ගන්න බැරි ලෙවල් එකේ වතුරක් එන්නේ...
  16. ttj

    ගුපියනි උඹලා හොදින්ද? ‼️

    දැන් දවස් තුනක් විතර එක දිගට වැසි... වටේ පිටේ ඔක්කොම කචල්... ළඟ පාත තාම ශේප්... හුළං අවොත් නම් කේස්... ගස් වැටෙන්න පුළුවන්... පොඩි එකාව සාලේ නිදි කෙරෙව්වා... රූම්ස් තියන පැත්තේ ගස්...
  17. ttj

    සීතල රටවල ඉන්න කිරියෝ වරෙන්, Winter එකට Heating ගැන උත්තරයක් දීපන්...

    ඉන්නේ නම් සිරි ලංකාවේ... හැබැයි උබට ඕන මේ උත්තරේ කියලා හිතන හින්දා දාන්නේ... ගෙදර අනිත් තැන් වල හිටිං ඕෆ් කරලා එක තැනක විතරක් හීටිං දාන්න ඕන නම් කරන්න තියෙන්නේ අනිත් තැන් වල තියන රේඩියේටර් isolate කරන එක... https://www.wikihow.com/Turn-a-Radiator-Off එතකොට කොම්බි බොයිලර් එකෙන් එන හොට් වෝටර්...
  18. ttj

    මොකක්ද බන් මේ ලංකාවෙ ටැක්ස් එක

    මම දන්න විදිහට ඩික්ලෙයාර් කරන විදිහ අනුව තමයි. ෆොරින්ග් රෙසිඩන්ට් (දවස් 183 කට වඩා ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්) එවන රෙමිටන්ස් නම් ටැක්ස් නෑ... හැබැයි ඔඩිට් එකකදී ඔප්පු කරන්න ක්‍රමයක් ඕන වෙයි... NRFC account එකකට වගේ එන සල්ලි නම් කිසිම කේස් එකක් නැතිවෙයි... නැත්නම් වීසා සහ එහේ බැංකු statement ඕන...

    No contents