එපා බලන්නට සැකයෙන් මා දෙස,
මා සිත එක්ටැම් ගෙයක් නොවේ
ගී රස වෑහෙන කැටපත් පවුරකි”
මිහිරි හඬින් කිව මැනවි ඔබේ
සුරා බඳුන් ලඟ නුරා රැගුම් දැක,
ඔබ කිරි දරුවකු සේ
ඔබේ සුසුම මට පමණයි දැනුනේ,
නිහඬ හැඬුම මට පමණයි ඇසුනේ
ලස්සන නොදකින හිස් මිනිසුන් මැද,
ඔබ පුන් කලසක් සේ
නිවා තැවුල යලි හමුවිය යුතු...