දානයෙහි අනුසස්
වර්තමානයේ ලක්වැසි බොදු ජනතාවගෙන් ඇතමෙක් දහම් ශ්‍රවණයට මහත් රුචියක් දක්වන බව පෙනෙයි. පෙරට වඩා බෞද්ධයාගේ පිබිඳීමක් ඇතැයි ජන සමාජයේ මතයයි. සමාජයේ සාරධර්ම පිරිහී ඇතැයි පවසතත් එහි පිරිහීමක් ඇත්නම් එය දැකිය හැක්කේ මිනිසුන් තුළ විනා සාරධර්ම තුළ නොවේ. වෙසක්, පොසොන් පොහෝ දින හා වකවානුව...