කාමය, ලිංගික ආශාව සහ කාම අපරාධ
වසර දෙදහස් පන්සියයක් තිස්සේ ලාංකීය භික්ෂුවගේ ධර්ම දූත සේවාව ද ඒ ඔස්සේ ගොඩනැඟුණු ගද්‍ය පද්‍ය සාහිත්‍යය, බිතුසිතුවම් ඈ කලාකෘති සියල්ල තුළින් ද සිදුකළ ධර්ම සංනිවේදනය මේ රටෙහි සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීමට ප්‍රමාණවත් විය. එහෙත් වර්තමානයෙහි ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන්...