1. H

    වයස අවරුදු 400 ක් වෙන සමෘද්ධිය ගන්න උනුත් ඉන්නවා 🤣

    දැන් කාලයක් මේකේයි බුකියෙයි වැළලෙන්න හැදුවා සමහරු ලෝකේ රටවල් මෙහෙම මෙහෙම දියුණු වෙලාලු, අපි නැල්ලු. අර මොකක්ද සිංහල movie එකකත් කියන්න හදන්නේ ඒක කියලා විචාරත් ලියවුනා. ඔන්න දැන් දැන් ඒ ඔය සංවර්ධිත යැයි කියන රටවල එක එක වැරදි ප්‍රචාරය කරන්න පටන් අරන්. ඇයි මේ මෙච්චර කාලයක් ඕවා ප්‍රචාරය කළේ නැත්තේ...
  2. H

    සීය තරුනසේවා සභාවම හූරාකාල නෙද

    දැන ගන්න අහන්නේ. cope එකේ එක එක ඒවා අහලා ඒවට පියවර ගන්න තියෙන බලය මොකක්ද?
  3. H

    මරු ඈ මේව නම්.... අනේ අපොයි

    සල්ලි වලින් කොළ මැල්ලුම් හදන්නෙ නෑ. අර අධිවේගී මාර්ග වල 1 km වලට මෙච්චර වියදම් යනවා කියලා ගණන් හැදුවා වගේ කතාවක් ඔය. මේ වියදම් අච්චර මෙච්චර ගියා කිව්වා කියලා ඒ වියදම් හොර වියදම් කියලා විගනන අංශ කියලා තියෙනවද?
  4. H

    ජෙප්පනේ මෙහේ වරෙල්ලා මෝඩ NPP ආණ්ඩුවෙන් රජ කාලේ ආතල් එකක් දෙන්න යන්නේ

    දැන් ඔය කුඹුරු පුරන් වෙලා තියෙන්නේ කුඹුරු කරන්න කුලී කාරයෝ නැතුව නම්, කුඹුරු වලට දිය කූඩැල්ලො ගහලා වගේ ප්‍රශ්නයක් නිසා නම්, කුඹුරු කරන්න හයිය හත්තිය නැතුව නම් (සීයාගේ,තාත්තලාගේ කුඹුරු, පුතාලා රට) එතකොට මොකද වෙන්නේ? නඩු දානවද?
  5. H

    දීකිරි කියන්නෙ මොනවද?

    මම දන්න විදිහට නම් දී කිරි කියලා කියන්නේ මුදවපු කිරි (curd)වලට. මොකද පස්ගෝරස කියන්නේ කිරි, දීකිරි, මෝරු, වෙඬරු, ගිතෙල් ඕවාට කියලා මම දන්නෙ. දී කිරි පොල් කියන්නෙ මාතර වැලිගම පැත්තේ වැවෙන පොල් වර්ගයක්. එහේ උන් නම් ඒවා උඩ දාගෙන ලොකු ගණන් දීලා කනවා. හේතුවක් දන්නෙ නෑ.
  6. H

    🔴BREAKING 2.50 මැදමුලන 🦮 | ක්‍රිෂ් ගනුදෙණුවෙන් නාමල් කෝටි 45ක කොමිස් එකක් ඉල්ලුවාද? - ''ඒක මම පිළිගන්නවා" 🔴

    ඕක මොකක්ද, අර කවුද doctor කෙනෙක්ගෙන් A/L results අහද්දි මතක නෑ කිව්වේ, මට මතක විදිහට ඒ doctor A/L වලින් මෙහෙ medicine යන්න බැරි වෙලා වෙන රටක ගිහිල්ලා doctor වෙලා තිබුණේ.
  7. H

    ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමතිත් පවුල පිටින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි......

    මේ පුද්ගලයා එක්ක ප්‍රශ්නයක් නෑ. ඒ වුනාට ක්‍රීඩාව ක්‍රීඩකයෙක් විදිහට කරන එකයි, ක්‍රීඩා කළමනාකරණය කරන එකයි දෙකක්. හොඳ ක්‍රීඩකයෝ හැමෝම හොඳ පුහුණුකරුවො වෙන්නෙ නෑනේ.
  8. H

    හයිලෙවල් පාරේ බස් වලිය........

    So you believe that the issue lies not on the quality of service yet on the nature of the ownership. Nice to learn that the Company act of Sri Lanka can convert the service quality from absurd to magnificent.
  9. H

    හයිලෙවල් පාරේ බස් වලිය........

    ලෝකෙ සමාගම් කතාවක් නෙවෙයි ලංකාවට අදාළව කියන්නේ. අදටත් ලංකාවේ වැඩිම ව්‍යාපාර ගණනාවක් තියෙන්නේ සමාගම් නෙවෙයි, ඒක පුද්ගල ව්‍යාපාර. මොකද පටන් ගන්න වහන්න ලේසියි, ලිපි ලේඛන, නීති රීති සාපේක්ෂව අඩුයි. යම් සේවාවක ගුණත්වය එන්නේ ඒක කරන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක්ද, හවුල් ව්‍යාපාරයක්ද නැත්නම් සීමිත සමාගමක්ද...
  10. H

    හයිලෙවල් පාරේ බස් වලිය........

    ඔය ගාණ වසරින් වසරට වෙනස්. පත්තරවල එක බස් එකකට මෙච්චර සේවකයො ඉන්නවා කියන්නේ අන්න ඒකයි. ඩිපෝ එකක ඉන්නේ රියදුරයි, කොන්දොස්තරයි විතරක් නෙවෙයිනේ. ඕක සමාගමකටත් පොදුයි. හරි. අයිතිකාරයගේ ගෙදර office එකට තියාගෙන බස් සමාගමක් දැම්මා කියමු. බස් ධාවනයේ වියදම් හැර අනෙක් වියදම්, ඒ කියන්නේ ගිණුම් තියන්න, නඩු...
  11. H

    හයිලෙවල් පාරේ බස් වලිය........

    සී ටී බී එක අච්චර මෙච්චර පාඩු ලබනවා, කියනවා ඒකේ එක බස් එකක ආදායමින් බස් ධාවනයට වක්‍රව දායක වෙන කීදෙනෙකුට පඩි ගෙවන්න වෙනවද?
  12. H

    හයිලෙවල් පාරේ බස් වලිය........

    අදටත් ලංකාවේ බස් සමාගම් හදලා බස් දුවවලා හොඳ ලාභයක් ගන්න පුළුවන් නම් සමාගම් නොකර ඉන්නේ නෑනේ. තනි මිනිහෙක් බස් එකක් දාලා දුවවනවා වගේ නෙවෙයි, සමාගමක් හැදුවාම ඒකට අමතර වියදම් ගොඩක් එනවා. තනි මිනිහා driverට conductor ට පඩි දෙනවා, බස් එකේ වියදම් බලනවා. සමාගමක් හැදුවාම ගිණුම් විගණන වැඩ, නීතිමය වැඩ...
  13. H

    මේ ලෝකෙ හරිම විහිළුවක්.. 😐

    ඕවා ඔහොම තමයි, අර එක ආන්ඩුවේ office එකක කම්කරුවෙක් ඡන්දෙ ඉල්ලලා මන්ත්‍රී වුනාලු. එතකොට ඒ මන්ත්‍රී ආවම අර office එකේ ලොක්කා මන්ත්‍රීට සැලියුට් ගහන්න වුනාලු.
  14. H

    ඛණිජ තෙල් සංස්ථා ආදර්ශයක්

    දෙකම රජයේ දේපළ.
  15. H

    ඛණිජ තෙල් සංස්ථා ආදර්ශයක්

    රජයේ ආයතන වල ලොකුම boss ලට එක්කෝ නිල රථයක් ගන්න පුළුවන්, ඒකට මාසෙකට දෙන ඉන්ධන ලීටර් ගාණක් තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ වාහනේ අරන් එනවා නම් ඒ මාසෙට දෙන තෙල් ලීටර් ගාණට සමාන සල්ලියි වාහන දීමනාවයි ගන්න පුළුවන්. ඒ දෙකම එක පාර ගන්න බෑ. ඉතින් තමන්ට ආයතනයේ තියෙන වාහනයක් නිල රථය විදිහට ඉල්ලන්නත්...
  16. H

    Help

    එයාලා/කට්ටිය කියන්නේ කවුද? අනික ඔයාට සල්ලි හම්බ කරලා දෙන්නේ "එයාලා" නම් කමක් නෑ. ඒ හින්දා කුප්පි වලට යන්න බැරි නම් මේ options තියෙනවා. 1 කුප්පි වලට යන එකෙක් fit කර ගන්න. 2 net එකේ ඕනතරම් පාඩම් තියේ, ඒවත් බලන්න.
  17. H

    මොකද කරන්නෙ බං දැන්

    අනේ මන්දා බං මට තේරෙන විදිහට නම්, මිනිහෙක් වාහනයක් ගන්න ඕන තමන්ට ඒක නිසා ලැබෙන වාසිය පාඩුවට වඩා වැඩි නම්. ඒ කියන්නේ පට්ට ලෝන් එකක් දාලා, ඉතුරු කර ගත්ත ඒවත් දාලා වාහන ගන්නවා. ඊට පස්සේ ඒවට තෙල්, serviceකරන්න, කැඩුනම හදන්න ඕවාට තමන්ට වියදම්. එතකොට lease එක/ණය වාරිකය ගෙවලා තමන්ට ලාභයක් තියෙ නම්...
  18. H

    අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

    දැන් මේ වියදම අඩු කරගන්න විදිහ නම් අහන්නේ මට කියන්න තියෙන්නේ මේවා, හැබැයි අස්සයා සත 50ට ගන්නයි වැටඩ උඩින් පන්නන්නයි දෙකක් බෑ. මුලින්ම වාහනේ යන එක අඩු කරන්න වෙනවා, ඒ වෙනුවට බස්/කෝච්චි පාවිච්චි කරන්න වෙනවා. පිටින් කෑම බීම ගන්න එක අඩු කරගන්න වෙනවා.
  19. H

    වසර තුනට අලිවැටට බිලියන තුනක් වියදම් කරලා…

    දැන් මේ audit ලා කියන විදිහට අනුරාධපුරේ අලිවැට ගැහුවාම පොළොන්නරුවේ අලි මැරෙන එක නවතින්න ඕන. මොකද අලිවැට ගහන්න ගිය වියදම ඔය ගාණ ඇතුළේ තියෙනවා වගේම අලි වැටක් නැති පැත්තක අලි මැරිච්ච එකත් ඔය ඉලක්කම් වල තියෙනවා.
  20. H

    බැදුම්කර වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න අමාරුයි..- ජනාධිපති

    හරි, ඒ මනුස්සයා ඒ රටේ පුරවැසියෙක්, ඒ හින්දා මෙහාට බාර දෙන්න ශක්තිමත් සාධක පෙන්වන්න ඕන කියලා කියන්නේ, ඒ මනුස්සයාට කරපු චෝදනා සනාථ කරන්න ශක්තිමත් සාධක නෑ කියන එකද?

    No contents