වත්මනෙහි බුදු දහමේ භාවිතය, අතීතයේ භාවිත වූ ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයකට පත් ව තිබෙන බව පැහැදිලි ය. එසේ වීම ස්වාභාවික ය. එසේ නොවූවා නම් භික්ෂු ශාසනයක් නොපවතින්නේ ය. සැබවින් ම ධර්මය මනුෂ්‍යයාගේ යහපතට නම්, මනුෂ්‍යයාගේ අවශ්‍යතාවලට, මනුෂ්‍ය සමාජයේ අවශ්‍යතාවලට, මානව සමාජයේ අභිවෘද්ධියට අදාළ වීම අවශ්‍ය...