ධාතුන් වහන්සේලා
සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද වස්තු බෞද්ධයෝ ධාතු නමින් හඳුන්වති. පාත්‍ර ධාතුව, පටි ධාතුව ආදී වශයෙනි. උන්වහන්සේ පිරිනිවන් පෑවායින් පසු ආදාහනය කොට ශේෂ වූ ඇට කැබිලිති ද ධාතු නාමයෙන් හඳුන්වා ඇත. සාමාන්‍ය පෘථග්ජන මනුෂ්‍යයෙක් ආදාහනය කළහොත් ඔහුගේ අළු හෝ ඇටකටු හෝ...