රී පොස්ට් වගේ කමක් නැහ. කියවපු නැති අය ඇතිනේ...
රුවැති ලඳකි කැතරින් ඉපදුන කොළඹ
අඩිය තියන තාලෙට පද්දයි නිතඹ
නටති සුළගෙ කූරු කරපු කෙස් කලඹ
ගමන වගෙයි පිටියේ කරනා සරඹ
කැතරින් දුටුවෙ මම සවසක කොළඹ හතේ
ඒ වෙලාවෙ හිටියෙත් මම බියර් මතේ
ගිය හැටි ලඟින් ඇය ගස්සල හතර අතේ
නොමැකී තියේ අද වාගෙම මගේ හිතේ...