බුදුරජාණන් වහන්සේ ඔබට පෙන්වා දෙනවා අතිශයින්ම දුක්විඳීමට හේතු තුනක්. ඉන් පළමුවැන්න නම් ඔබ තුළ තිබෙන්නා වූ කාම තණ්හාව, එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියයන් පහ පිනවීමට තිබෙන්නා වූ බරපතල අවශ්‍යතාව හෙවත් ඕනෑකම. ඒ සඳහා වූ ආශාව බුදු දහමෙහි කාම තණ්හා යනුවෙන් පෙන්වා දී තිබෙනවා. ඇසින් ප්‍රිය ජනක...