මම පැණි කියා සමහර තැන්වල සඳහන් කරලා තියෙන්නේ මීපැණියට නොවේ. මල්පැණිවලටයි (Nectar). මටයි වැරදිලා තියෙන්නේ. මම හිතුවේ නෑ මෙහෙම කවුරුවත් විමර්ශනය කරන බව. මිනිස්සු හැටියට වැරදි වෙනවා. ඔබටත් එය සිදුවුනා.
හොඳයි එහෙනම් මෙන්න.
මා ඔබෙන් ඇසූ සෑම ප්‍රශ්නයකම අරමුණක් තිබෙනවා, මේ අන්තිම ප්රශ්නය වගේම.
ඔබ ඉහත ප්‍රකාශය කරනා බව දන්නා නිසා තමා මම කලින්බ ඔබෙන් මේ ප්රශ්නය ඇහුවේ,
එයට ඔබ පිලිතුරු දුන්නා, පහත ආකාරයට..
දැන් ඔබ කියනවා එසේ පිටවන්නේ පැණි නොවේ nectar විය හැකියි කියා.
කලින් 100% විශ්වාසයි කියූ ඔබ දැන් එය වෙනස් කරන්නේ ඇයි? උක්ත කුරාණ වැකියේ තේරුම කුමක්ද කියා ඔබට හරි වැටහීමක් නැති බවයි පෙනෙන්නේ.
මී පැණි නිපදවන ආකාරය වත්, කුරාණ වැකියේ තේරුම කුමක්ද කියා වත් ඔබට වැටහීමක් නැතුව, වෙන කෙනෙක්(harun yahya වැනි කිසිම විද්‍යත්මක පසුබිමක් නැති..) තම වෙබ් අඩවියේ දමා තිබූ දෙය ඔබ මෙතන දැම්මා.
ඔබ නිකමටවත් වෙහෙසුනේ නැහැ මී පැණි නිවදවෙන්නේ කෙසේද කියා සොයා බැලීමට. එය වැරදි බව තේරුණ විට ඔබ කියූ දෙය වෙනස් කරනවා.
මෙන්න ඔබ කලින් කියූ දෙය..
මෙන්න දැන් කියන දෙය..
මෙන්න ඔබ කලින් කියූ දෙය..
මෙන්න දැන් කියන දෙය..
මෙන්න ඔබ කලින් කියූ දෙය..
මෙන්න දැන් කියන දෙය..
ඔබ මෙතන්දී ක්‍රියා කල ආකාරය, කුරාණය විද්‍යා පොතක් බව පෙන්වීමට යන සැම දෙනා අනුගමනය කරන පිලිවෙල්තට අනුකූලයි.
මුලින්ම ඔබ යම් විද්‍යනුකූල දෙයක් තෝරාගෙන, කුරාණයේ ඇති වැකියක තේරුම එයට ගැලපෙන ආකාරයට වෙනස් කරනවා. හරියට ඔබ කලා වගේ, මුලින්ම පැණි ගැන කතා කරනවා, ඒත් ඇත්තටම මී පැණි ගැන කිසිම සංඳහනක් නැහැ එම කුරාණ වැකියේ. එනම් ඔබලා ඔබලාට ඕන ඕන වචන තෙරුමට ඇතුල් කරනවා. ඉන් පසු කියනවා "මෙන්න කුරාණයේ විද්‍යාව කියා"
සාරංශය මෙයයි. මුලින් ඔබ ප්‍රකාශයක් කලා මී පැණි නිපදවෙන ආකාරය කුරාණයේ සංඳහන් කියා. දැන් පේනවා මී පැණි යන වචනයවත් එහි සඳහන් නැති බව. මෙහි සඳහන් එකම දෙය මී මැස්සන්ගේ උදරයෙන් වරණවත් පානයක් පිටවෙන බවයි. මෙය මී පැණි නිපදවෙන ආකාරය පිලිබඳව අහලකින්වත් කතා කරන්නේ නැත.
ඔබේ ඉහත ප්‍රකාශය නිවැරදි නැත.
මට තාම කියන්න වෙන්නේ මේ වැකියා නිවැරදියි බවයි. එය මෙයින් තේරුම්ගන්නට හැකිවේවි. "ඔබ පවසන කරුණු සලකමි. එහෙත් ඔබ කියන පරිදි සිතමු. ඉහත සඳහන් කුරාණයේ වැකිය යලි බලන්න."එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි". මේ වැකියේ පැණි කියා සඳහන් වී නැත. ඔබ කියූ පරිදි nectar (තාම මී පැණි නොවේ) ලෙසත් විය හැකියි.මට වැරැද්දක් වෙලා වගෙයි, සමාවෙන්න
ඉහත සඳහන් කුරාණයේ වැකිය යලි බලන්න. කුරාණයේ කිසි තැනක උදරයෙන් පිටත්වෙන බව සඳහන් වී නැත. "crop(honey stomach) සම්බන්ධ වන්නේ උගේ ආහාර ජීර්ණ පද්ධතියට හා මුඛයට පමණක් බවයි, මැස්සාට nectar වැමෑරිය හැක්කේ මුඛයෙන් පමණි." ඔබ කියූ පරිදි nectar (තාම මී පැණි නොවේ) මුඛයෙන් පිටත්වීමට පෙර ප්‍රථමයෙන් ඌගේ crop(honey stomach) පිටත්විය යුතුයි. එහෙමනම් මේ කුරාණයේ වැකිය තවත් විද්‍යාණුකූල වෙයි."









