හීල (උදේ ආහාරය) රැගෙන බුලත් විටක්‌ද කටේ හලා ගත් දෙමිතුරෝ සෙසු අය සමඟ ගොයම් පෑගීමට අවතීර්ණ වූහ. ජයතුංග ඉදිරිපෙළ හරක් ගැලතුම (එකට ඈ¹ සිටි මී ගවයන් සිව්දෙනා) දක්‌කන අතර ප්‍රේමපාල දැති ගහ (ගොයම් පෑගීමේදී භාවිත කරන උපකරණයකි) අතට ගත්තේය.
මෙසේ ආරම්භ වූ ගොයම් පෑගීම නිමා වන විට එදින මැදියම් රැය පසු වී...