රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
මීදුම් සළුවේ තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා..
පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ
මොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුණාදෝ
යෞවනයේ මත් වීදෝ
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
රන් සමනළයෝ පුංචි...