~~~~
සිහින වලට පියාඹන්න
දසත පුරා විසිර යන්න
නමුත් එකම හීනය ළඟ
ආසයි සැමදා රැඳෙන්න
පැතුම් ගොඩක් හිතා ගන්න
ජීවිතේම රැඳී ඉන්න
ඉඳ හිට ඇමතුවත් ඔයා
හැමදාමත් තියාගන්න
හදිස්සියෙන් පැමිණි ඔයා
මා නෙත අබිමුව හිඳින්න
හිතුවෙවත් නැති විටකදී
මගෙන් දුරට ඇදී යන්න
දුටුව හීන සියල්ලක්ම
විසුනු වෙලා බිම වැටෙන්න
එපා...