මේ චෝදනාවලට පිළිතුරු වශයෙන්, ඔව් මහනුවරවාසීන් පත් කළ රජා මමයි, මගේ නහර රාජකීය ලෙයින් පිරී තිබේ. මගේ ජනතාව ස්ථිරව එඩිතරව සිටියාහු නම් මහනුවර රාජධානිය මට හිමිවේ. යයි පුරන් අප්පු අග්ර විනිශ්චයකාර ඇන්තනි ඔලිපහන්ට් තුමාට නිර්භීත ලෙස ප්රකාශ කළේය.
මේ වචන අග්ර විනිශ්චයකාරතුමාට ශ්රවණය වූ විගසෙහිම...