අල්ලස් හා අපේ රාජ්‍ය සේවය
පසුගිය දිනෙක මාහට මුහුණපෑමට සිදුවූ සිද්ධියක් මාතෘකාවේ ආරම්භයට යොදාගනිමි. එදින මා සිටියේ අප කාර්යාලයේ වාහන බලපත්‍ර නිකුත්කරන ස්ථානයේය. ආදායම් බලපත්‍රයක් ගැනීමට පැමිණි තරුණයෙකු අත අදාල සියළු ලියකියවිලි නොතිබුනු අතර ඔහුගේ කාර්ය ඉටුකල නොහැකි බව දැන්වීමට මා හට සිදුවිය...